01

E   |     |  

 දිනය: 2011-02-25   පිළිතුර ලබා දී ඇත 

0891/2011: Keppitipola Economic Center

0891/’10

 ගරු හරින් ප්‍රනාන්දු මහතා,— සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ) (i) කැප්පෙටිපොල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ක්‍රමවත් ලෙස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් වැලිමඩ එලවලු ගොවීන් අසීරු තත්වයට පත්ව ඇති බවත්;

     (ii) තම එලවලු සඳහා ‍හොඳ මිලක් නොලැබී‍ම මෙන්ම තම නිෂ්පාදන සඳහා නිසි පරිදි මුදල් නොගෙවීම හේතුවෙන් මෙම ආර්ථික මධ්‍යස්ථානය ගොවීන්ගේ විශ්වාසනීයත්වය ගිලිහී ගිය, ගොවියා සූරාකන ස්ථානයක් බවට පත්ව ඇති බවත්; එතුමා දන්නෙහිද?

 (ආ) (i) එම තත්වය මඟ හරවා වෙළෙන්දා හා ගොවියා අතර ගැටලු මතු‍ නොවන, ගොවීන් තුළ ආර්ථික මධ්‍යස්ථානය පිළිබඳව විශ්වාසය වර්ධනය කළ හැකි වැඩ පිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීමටත්;

      (ii) මෙම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් පරීක්‍ෂා කිරීම සඳහා මිල පාලන ඒකකය හා කිරුම් මිණුම් ඒකකයේ සහය ලබා ගෙන ගොවීන්ගේ නිෂ්පාදන සූරා කෑම අවුරා ලන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත්; කඩිනමින් කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-02-25

අසන ලද්දේ

ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks