පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
119/2020 ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ පිවිසුම් මාර්ගය ඉදිකිරීමේදී හානියට පත්වන දේපළ හා ඒ වෙනුවෙන් අත්පත්කර ගන්නා ඉඩම්වලට වන්දි ගෙවීමක් සිදු කරන්නේද; (ii) එසේ නම්, එම වන්දිලාභීන් සංඛ්‍යාව කොපමණද; (iii) ඒ සඳහා තක්සේරුකර ඇති වන්දි ප්‍රමාණය කොපමණද; (iv) මේ සම්බන්ධව ගෙවීම් කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් වෙත මේ වනවිට ප්‍රතිපාදන නිදහස් කර තිබේද; (v) එසේ නම්, එම මුදල කොපමණද; (vi) එම ප්‍රතිපාදන නිදහස් කළ දිනය කවදාද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-23
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් අනුව ඉඩම් කට්ටි 248ක්.
(iii) ප්‍රාදේශීය ලේකම්ගෙන් ලද ඇස්තමේන්තුව රුපියල් මිලියන 206 යි.
(iv) ඔව්.
(v) රුපියල් මිලියන 51.5 යි.
(vi) 2019.11.25 වන දින.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-11-30
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks