04

E   |     |  

 දිනය: 2020-09-25   පිළිතුර ලබා දී ඇත 

0117/2020: ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දායකත්වය

117/2020 ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) 2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කළ/කරන එක් එක් නිලධාරියාගේ ලිපිනය සහ එක් එක් නිලධාරියාට මාසිකව ගෙවන ලද වැටුප්, දීමනා හා වෙනත් වරප්‍රසාද වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද? (ආ) එම කාල සීමාව තුළ ඔවුන් ලැබූ වැටුප් හා වෙනත් වරප්‍රසාදවලට සාපේක්ෂව, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට ඔවුන්ගේ පාලන කාලය තුළ සමත් වී නැති බව එතුමා පිළිගන්නෙහිද? (ඇ) ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් වැඩි දියුණු කිරීමට අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්ව‍න්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-09-25

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ හා ක‍්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, දීර්ඝ පිළිතුරක් තිබෙන නිසා මේ ගරු සභාවේ කාලය ඉතිරි කරගැනීම සඳහා මම එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා. ඔබතුමාට අතුරු ප්‍රශ්න තිබෙනවා නම් අහන්න පුළුවන්, ගරු මන්ත්‍රීතුමනි.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)       ඔව්.

  • 2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කළ/කරන ලද එක් එක් නිලධාරියාගේ ලිපිනය ඇමුණුම - 01* වශයෙන් ද
  • 2015 වර්ෂයේ එම එක් එක් නිලධාරියාට මාසිකව ගෙවන ලද වැටුප්, දීමනා හා වෙනත් වරප්‍රසාද වෙන් වෙන් වශයෙන් ඇමුණුම - 02* වශයෙන් ද
  • 2016 වර්ෂයේ එම එක් එක් නිලධාරියාට මාසිකව ගෙවන ලද වැටුප්, දීමනා හා වෙනත් වරප්‍රසාද වෙන් වෙන් වශයෙන් ඇමුණුම - 03* වශයෙන් ද
  • 2017 වර්ෂයේ එම එක් එක් නිලධාරියාට මාසිකව ගෙවන ලද වැටුප්, දීමනා හා වෙනත් වරප්‍රසාද වෙන් වෙන් වශයෙන් ඇමුණුම - 04* වශයෙන් ද
  • 2018 වර්ෂයේ එම එක් එක් නිලධාරියාට මාසිකව ගෙවන ලද වැටුප්, දීමනා හා වෙනත් වරප්‍රසාද වෙන් වෙන් වශයෙන් ඇමුණුම - 05* වශයෙන් ද
  • 2019 වර්ෂයේ එම එක් එක් නිලධාරියාට මාසිකව ගෙවන ලද වැටුප්, දීමනා හා වෙනත් වරප්‍රසාද වෙන් වෙන් වශයෙන් ඇමුණුම - 06* වශයෙන් ද
  • 2020 වර්ෂයේ එම එක් එක් නිලධාරියාට මාසිකව ගෙවන ලද වැටුප්, දීමනා හා වෙනත් වරප්‍රසාද වෙන් වෙන් වශයෙන් ඇමුණුම - 07* වශයෙන් ද
  • 2016 වර්ෂයේ සිට ‍මේ දක්වා උපදේශන සේවා වෙනුවෙන් නිලධාරින්ට ගෙවන ලද දීමනා ඇමුණුම - 08* වශයෙන් ද
  • 2017 වර්ෂයේ සිට මේ දක්වා සේවය කළ විදෙස්ගතව සිටින නිලධාරින්ගේ වැටුප් වෙන් වෙන්ව ඇමුණුම - 09* වශයෙන් ද ඉදිරිපත් කරමි.

(ආ) ක්‍රිකට් ක්‍රීඩාව තාක්ෂණික, යටිතල පහසුකම්, සම්පත් සහ දක්ෂතා යන සෑම අතින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බැවින් මෙම ප්‍රකාශය පිළිගත නොහැක.

(ඇ) ක්‍රිකට් ක්‍රීඩාව කෞශල්‍යයින් පාසල් මට්ටමින් තාක්ෂණිකව හඳුනාගැනීම.

  • කනිෂ්ඨ ක්‍රීඩකයින් සංවර්ධනය කිරීම.
  • ක්‍රිකට් ක්‍රීඩා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.
  • කනිෂ්ඨ ක්‍රීඩකයන් සඳහා ජාත්‍යන්තර අත්දැකීම් බහුල කිරීම.
  • ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් ගණන 1,000 දක්වා ඉහළ දැමීම.
  • ක්‍රීඩා පුහුණුකරුවන් පුහුණු කිරීම.
  • ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරඟ ශ්‍රී ලංකාවේ පැවැත්වීම.
  • කනිෂ්ඨ ක්‍රීඩකයන්ගේ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-01-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks