පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
53/2020
ගරු චමින්ද විජේසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා රජය සතුව ඇති සංස්ථා, මණ්ඩල, අධිකාරි වැනි ව්‍යවස්ථාපිත ආයතන සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායේ නම් කවරේද;
(iii) එම ආයතනවල දැනට සිටින සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන්ගේ නම් කවරේද;
(iv) එම සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේදී අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග කවරේද;
(v) එකී ආයතන මූල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීමට අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-22
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා රජය සතුව සංස්ථා, මණ්ඩල, අධිකාරි සහ රජයට අයත් සමාගම් ලෙස රාජ්‍ය ව්‍යාපාර 250ක් පවතී.
(ii) ඇමුණුම සභාගත* කරමි. මෙම ඇමුණුමේ පිටු 20ක් විතර තිබෙනවා.
(iii) 2020 ඔක්තෝබර් මස ආරම්භය වනවිට සිටි සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් ඉහත ඇමුණුමෙහි සඳහන් කර ඇත.
(iv) මෙම ආයතනවල සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම් අදාළ අණපනත් හා ව්‍යවස්ථාපිත අවශ්‍යතාවලට අනුව සිදු කර ඇති අතර, මහ ජනතාව වෙත ප්‍රසිද්ධ දැන්වීම් මඟින් අභිලාෂ කැඳවීම් -expressions of interest- ලබා ගෙන ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ වෘත්තිකයන් අධ්‍යක්ෂ මණ්ඩල වෙත ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී.
(v) දැනට පවතින ආයතනවල මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා එම ආයතනවල ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සංයුක්ත/ක්‍රමෝපාය සැලැස්මකට අනුව කටයුතු කිරීමට මඟ පෙන්වීම හා මූල්‍ය සහාය සැලැසීමට අවශ්‍ය ආයතන සඳහා අවශ්‍ය අවස්ථාවලදී කටයුතු කිරීම.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-01-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks