පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
110/2020 ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (අ) (i) ශ්‍රී ලංකාවට ආවේනික ඖෂධීය ශාක විශාල ප්‍රමාණයක් ඇති බවත්; (ii) ඇතැම් ශාකවල ඇති රසායනික ද්‍රව්‍ය හා ජානමය කොටස් සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගෙන නොමැති බවත්; (iii) ඒ හේතුවෙන් මෙරටට විශාල ආර්ථික පාඩුවක් සිදුවන බවත්; එතුමිය දන්නෙහිද? (ආ) (i) ශ්‍රී ලංකාවට ආවේනික ඖෂධීය ශාක පිළිබඳ සමීක්ෂණයක් සිදු කර තිබේද; (ii) එසේ නම්, ශ්‍රී ලංකාවට ආවේනික ඖෂධීය ශාක සංඛ්‍යාව කවරේද; (iii) ඒ අතරින් පේටන්ට් බලපත්‍රය හිමි ශාක සංඛ්‍යාව කවරේද; (iv) ඒවායේ නම් කවරේද; (v) පේටන්ට් බලපත්‍ර නොමැති ඖෂධීය ශාක සඳහා එම බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන්නේද; යන්න එතුමිය සඳහන් කරන්නෙහිද? (ඇ) පේටන්ට් බලපත්‍ර හිමි ශාක යොදා ගෙන නිපදවන ඖෂධ හෝ වෙනත් නිෂ්පාදනවලින් වාර්ෂිකව රජයට ලැබෙන විදේශ විනිමය ආදායම කොපමණද? (ඈ) (i) පේටන්ට් බලපත්‍ර හිමි ශාක යොදා ගෙන නිපදවන ඖෂධ හෝ වෙනත් දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමට: (ii) නිෂ්පාදන වෙනුවෙන් විදේශ විනිමය ආදායම වැඩි කිරීමට; ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද? (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-27
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
අ) (i) ඔව්.
2008 දී ආයුර්වේද දෙපාර්තමේන්තුව හා ICRAF Sri Lanka Programme ඒකාබද්ධව ප්‍රකාශයට පත් කරන ලද "A Check list of Medicinal Plants of Sri Lanka"හි ශ්‍රී ලංකාවේ දැනට හඳුනාගෙන ඇති ඖෂධීය ශාක සඳහන් වේ.
(ii) අදාළ අමාත්‍යාංශයෙන් පිළිතුරු ලබාගැනීමට හැකි වේ.
(iii) අදාළ අමාත්‍යාංශයෙන් පිළිතුරු ලබාගැනීමට හැකි වේ.
ඉහත (ii) (iii) පිළිතුරුවලට අදාළ, පේට්න්ට් අයිතිය පිළිබඳ ප්‍රශ්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ මාගේ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වන්නේ නැහැ.
විශේෂයෙන්ම වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට අදාළව, වනජීවී රැකවරණ, අලි වැටවල් හා අගල් ඉදි කිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත්; වන සංරක්ෂණ ආඥා පනතට අදාළව, ඉහත කී රාජ්‍ය අමාත්‍යාංශයට සහ ආයතනයටත්; පැළෑටි ආරක්ෂා කිරීමේ පනතට අදාළව, පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයටත්; උද්භිද උද්‍යාන ආඥා පනතට අදාළව, සංචාරක අමාත්‍යාංශයට සහ උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවටත්; බුද්ධිමය දේපළ පනතට අදාළව, ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයටත් යොමු කර එකී ප්‍රශ්නවලට අදාළ පිළිතුරු ලබාගත හැකි බව සඳහන් කරනවා.
(ආ) (i) ඔව්.
1999 වසරේ සිට 2004 වර්ෂය දක්වා ලෝක බැංකු ආධාර මත දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබඳ ව්‍යාපෘතිය මඟින් බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය, පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව හා රාජ්‍ය විශ්වවිද්‍යාලවල සහභාගිත්වයෙන් දිවයිනේ තෝරාගත් ඖෂධීය ශාක බහුල කලාප 05ක ඖෂධ ශාක හා ආවේණික ඖෂධ ශාක පිළිබඳ සමීක්ෂණ සිදු කර ඇත.
තවද ලෝක පරිසර සංරක්ෂණ සංගමය (IUCN) මඟින් ප්‍රකාශයට පත් කෙරෙන රතු දත්ත ලැයිස්තුව සඳහා ද සිදු කෙරෙන සමීක්ෂණවලදී ආවේණික ඖෂධීය ශාක හඳුනාගැනීම සිදු කරයි.
(ii) ශ්‍රී ලංකාවට ආවේණික ඖෂධීය ශාක 173කි.
ගරු මන්ත්‍රීතුමනි, (ආ) (iii), (iv), (v), (ඇ), (ඈ) (i), (ii) සහ (ඉ) යටතේ අසා ඇති, අදාළ පේටන්ට් බලපත්‍රයේ හිමිකාරත්වය සහ එහි ආර්ථික වටිනාකම් පිළිබඳ ප්‍රශ්න සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට අදාළ වන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්න අදාළ අමාත්‍යාංශ වෙත යොමු කර පිළිතුරු ලබාගැ
පිළිතුරු දුන් දිනය
2020-11-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ සිසිර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks