පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
109/2020
ගරු බුද්ධික පතිරණ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015.01.01 දින සිට 2019.12.31 දක්වා වූ කාලය තුළ ආනයනය කරන ලද දුම්රිය මැදිරි, දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සංඛ්‍යාව;
(ii) ඒ සඳහා වැය කළ මුදල;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) මෙලෙස ආනයනය කළ ඉහත දුම්රිය මැදිරි, දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවලින් ඇතැම් ඒවා ශ්‍රී ලංකාවේ ධාවනයට නුසුදුසු බව එතුමා දන්නෙහිද?
(ඇ) (i) එසේ නම්, ඉහත දුම්රිය මැදිරි, දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල මෙරටට ආනයනය කිරීමේ ක්‍රියාදාමය වෙනුවෙන් පත් කරන ලද ටෙන්ඩර් හා තාක්ෂණික කමිටුවල සාමාජිකයන්ගේ නම් හා තනතුරු;
(ii) ඔවුන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග;
වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) (i) ශ්‍රී ලංකාව තුළ දුම්රිය මැදිරි නිෂ්පාදනය ආරම්භ කරන දිනය කවරේද;
(ii) ඒ අනුව, රජයට ඉතිරිකර ගත හැකි මුදල කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-20
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දුම්රිය මැදිරි ආනයනය කර නැත.
දුම්රිය එන්ජින් 10ක් ආනයනය කර ඇත.
බලවේග කට්ටල 15ක් ආනයනය කර ඇත.
(ii) දුම්රිය එන්ජින් 10 සඳහා - රුපියල් බිලියන 9.3
බලවේග කට්ටල 15 සඳහා - රුපියල් බිලියන 32.7
(ආ) ධාවනයට නුසුදුසු තත්ත්වයේ කිසිදු දුම්රිය එන්ජිමක් හෝ බලවේග කට්ටලයක් ආනයනය කර නොමැත.
(ඇ) (i) අදාළ නොවේ.
(ii) අදාළ නොවේ.
(ඈ) (i) මේ වන විට දුම්රිය මැදිරිවල ප්‍රධාන අලුත්වැඩියා කටයුතු - major repairs - ශ්‍රී ලංකාව තුළ සිදු කරන අතර, නියමු වැඩසටහනක් ලෙස මැදිරි නිෂ්පාදනය 2021 වසරේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
(ii) එක් මැදිරියක් ආනයනයට වැය වන මුදලින් රුපියල් මිලියන 28ත්, 38ත් අතර ප්‍රමාණයක් ඉතිරිකරගත හැකි බවට තක්සේරු කර ඇත.
(ඉ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-01-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks