පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
106/2020
ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ රා කර්මාන්තය ව්‍යාප්තව ඇති දිස්ත්‍රික්ක කවරේද;
(ii) එම කර්මාන්තය ජීවනෝපාය කරගත් පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2019/12/31 දිනට ශ්‍රී ලංකාව තුළ බලපත්‍රලාභී රා නිෂ්පාදනය කරන පුද්ගලයන්/ආයතන සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් නිෂ්පාදනාගාරයට අදාළ අනුමත ධාරිතාවයන් ලබා දී තිබේද;
(iii) එසේ නම්, එම ධාරිතාවයන් එක් එක් ආයතනයට අදාළව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) රා කර්මාන්තයේ නියුක්තවන්නන්ගේ සුභසාධනය වෙනුවෙන් රජය ක්‍රියාමාර්ග ගෙන තිබේද;
(ii) එසේ නම්, ඒ සඳහා වැය කළ මුදල කොපමණද;
යන්න වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-09
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ රා කර්මාන්තය කළුතර, ගම්පහ, කුරුණෑගල, පුත්තලම, බදුල්ල, මොනරාගල, හම්බන්තොට, අනුරාධපුර, උතුරු පළාතේ සියලු දිස්ත්‍රික්ක සහ නැඟෙනහිර පළාතේ සියලු දිස්ත්‍රික්ක පුරා විහිදී ඇත.
(ii) ශ්‍රී ලංකාව තුළ 2019 වසර තුළදී රා මැදීමේ බලපත්‍ර ලබා ගත් මදින්නන්ගේ සංඛ්‍යාව 3,094කි. සුරාබදු දෙපාර්තමේන්තුව සතුව රා මැදීමේ කර්මාන්තයට අදාළව ජීවනෝපාය කරගත් සෙසු සේවක සංඛ්‍යාව සම්බන්ධ තොරතුරු නොමැත.
(ආ) (i) 2019.12.31වැනි දිනට ශ්‍රී ලංකාව තුළ බලපත්‍රලාභි රා නිෂ්පාදනය සඳහා බලපත්‍ර ලත් ආයතන සංඛ්‍යාව 32කි. රා මදින්නන්ගේ සංඛ්‍යාව 3,024කි.
(ii) බෝතල් රා නිෂ්පාදනාගාරයට අනුමත ධාරිතාව වන්නේ අදාළ වර්ෂවල එම නිෂ්පාදනාගාරය විසින් මැදීමට බලපත්‍ර ලබා ගත් ගස් ප්‍රමාණයට අදාළ රා ඵලදාවයි. ඒක ඉංග්‍රීසියෙන් කියා තිබෙනවා, approved production capacity for each bottled toddy manufactory would be the total expected toddy yield from the number of trees licensed for tapping කියලා.
(iii) ඒ ඒ බෝතල් රා නිෂ්පාදනාගාරයට අදාළ අනුමත ධාරිතාව වසරින් වසර වෙනස් විය හැකියි. එම දත්ත සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තව මඟින් ප්‍රසිද්ධ කරනු ලැබේ.
(ඇ) (i) මෙය සුරාබදු දෙපාර්තමේන්තුවේ විෂයපථයට අයත් නොවේ. නමුත් උතුරු පළාතේ තල් රා ආශ්‍රිත කර්මාන්තකරුවන් සමුපකාර ක්‍රමය යටතේ සංවිධානය වී ඇති බැවින්, සුරාබදු බලපත්‍ර ගාස්තු අය කිරීම් සම්බන්ධයෙන් එම ප්‍රදේශයට සීමා වන පරිදි ලිහිල් ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබේ.
(ii) අදාළ නැත.
(ඈ) නොදනී.
පිළිතුරු දුන් දිනය
2020-12-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks