01

E   |     |  

 දිනය: 2020-09-22   පිළිතුර ලබා දී ඇත 

0096/2020: රිදියගම සෆාරි උද්‍යානය: වැඩි දියුණුව

96/2020

ගරු බුද්ධික පතිරණ මහතා,— සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානය තවදුරටත් වැඩිදියුණු කිරීමට රජය අපේක්‍ෂා කරන්නේද;

            (ii)       එසේ නම්, ඒ සඳහා වැය කිරීමට අපේක්‍ෂිත මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෙම උද්‍යානයෙහි සිටින සතුන් සඳහා ප‍්‍රතිකාර කිරීමට ප‍්‍රමාණවත් ආරෝග්‍යශාලා පහසුකම් තිබේද;

(ii) ආරෝග්‍යශාලා පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට කටයුතු කරන්නේද;

(iii) එසේ නම්, ඒ සඳහා වැය කිරීමට අපේක්‍ෂිත මුදල කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-09-22

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      රුපියල් මිලියන 1,000ක මුදලක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා.

(ආ)         (i)      ඔව්.

              (ii)      ඔව්.

             (iii)      රුපියල් මිලියන 15යි.

(ඇ).    අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-09-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks