04

E   |     |  

 දිනය: 2020-09-24   පිළිතුර ලබා දී ඇත 

0094/2020: ජෛව අවි ප‍්‍රහාර වළක්වා ගැනීම: ක්‍රියාමාර්ග

94/2020

ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ජෛව අවි භාවිතය ලෝකයේ එකඟතාවය මත තහනම් වුවද විවිධ දේශපාලන හා වෙළඳ උපක‍්‍රම සඳහා රහසිගතව තවමත් භාවිතා කරන බවත්;

(ii) ශ‍්‍රී ලංකාව ඇතුළු ඌන සංවර්ධිත රටවල් මෙම ජෛව අවි අත්හදා බැලීම් සඳහා ඉලක්ක වීමේ ඉඩක් පවතින බවත්;

එතුමා  දන්නෙහිද?

(ආ) (i) ජෛව අවි ප‍්‍රහාර වළක්වා ගැනීමට රජය ක‍්‍රියාමාර්ග ගෙන තිබේද;

(ii) එසේ නම්, එම ක‍්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-09-24

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

(ආ)         (i)      ඔව්.

              (ii)      ඇමුණුම 01 ලෙස දක්වා ඇත. ඇමුණුම  සභාගත* කරමි.

(ඇ)     පැන නොනඟී.

           ගරු මන්ත්‍රීතුමනි, ඇමුණුම් අංක 01හි පිළිතුර දීර්ඝ එකක්.  ඔබතුමාට අවශ්‍ය නම් මා එය කියවන්නම්.

 

පිළිතුරු දුන් දිනය

2021-01-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks