පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0888/’10
ගරු වසන්ත අලුවිහාරේ මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව පේරකනත්ත ග්‍රාමසේවක වසමේ පිහිටි ගගේයාය ඉඩමේ බිම් කැබලි 42ක් 2002 වර්ෂයේ දී ඉඩම් කච්චේරියක් පවත්වා ඉඩම් නොමැති ගොවීන් අතර බෙදා දී ඇති බවත්;
(ii) පසු කාලයකදී එම ඉඩම් ලාභීන් පලවා හැර වෙනත් පුද්ගලයින් විසින් එම ඉඩම් කොටස් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බවත්;
(iii) එසේ පලවා හරින ලද ඉඩම් ලාභීන් විසින් ඒ පිළිබඳව පැමිණිලි කළද මේ දක්වා ඒ පිළිබඳ කිසිදු විභාගයක් පවත්වා නොමැති බවත්; එතුමා දන්නෙහිද?
(ආ) වර්ෂ 2002 දී ඉඩම් බෙදාදීමට අනුව එම ඉඩම් ලාභීන්ගේ නාම ලේඛනය එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ඇ) තම ඉඩම්වලින් පලවා හරින ලද එම ඉඩම්ලාභීන් විසින් ඉදිරිපත් කළ පැමිණිලි විභාග කර ඔවුන්ගේ ඉඩම් අයිතිය තහවුරු කර නැවත පදිංචි කරවීමට පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-02-23
අසන ලද්දේ
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks