01

E   |     |  

 දිනය: 2021-07-07   පිළිතුර ලබා දී ඇත 

0082/2021: මනම්පිටිය වැලි සමාගම: විස්තර

----

අසන ලද දිනය

2021-07-07

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයෙන් ගොඩ දමනු ලබන වැලි, අවශ්‍යතාව අනුව නිකුත් කරනු ලබන්නේ ජීඑස්එම්බී ටෙක්නිකල් සර්විසස් පුද්ගලික සමාගමේ මනම්පිටිය ව්‍යාපෘති කාර්යාලය මඟිනි.

              (ii)         ජීඑස්එම්බී ටෙක්නිකල් සර්විසස් පුද්ගලික සමාගම, රාජ්‍ය හිමිකාරිත්වය දරන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සියයට 66.66ද, ලංකා පොස්පේට් සමාගමේ සියයට 16.67ද, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සියයට 16.67ක ද කොටස් හිමිකාරත්වයකින් යුක්ත, සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ, පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය සමාගමකි.

(iii) ඉහත (අ) (ii) පිළිතුර අනුව සමාගම් පනත යටතේ ලියාපදිංචි රාජ්‍ය සමාගමකි.

(iv) ජීඑස්එම්බී ටෙක්නිකල් සර්විසස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් පහත පරිදි වන බව සමාගම විසින් වාර්තා කර ඇත.

1. අනුර වල්පොල මහතා - සභාපති, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය

2. අනිල් රණසිංහ මහතා - සභාපති, ලංකා පොස්පේට් සමාගම

3. වයි.කේ. තිලක් ප්‍රේමලාල් වීරසිංහ මහතා - සභාපති, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය

4. ජේ.වී.ජී. නිමාලි මහත්මිය - භාණ්ඩාගාර නියෝජිත, සහකාර අධ්‍යක්ෂ, මුදල් අමාත්‍යාංශය

5. බුද්ධික ශ්‍රීකාන්ත කුරේ මහතා - ගරු පරිසර අමාත්‍යතුමාගේ නියෝජිත

(v) වැලි ලබා ගැනීමට පැමිණෙන සියලු  ටිපර් රථ ලියාපදිංචි කර, එම ලියාපදිංචි අනුපිළිවෙළ යටතේ සියලු ගැණුම්කරුවන් හට සාධාරණ ලෙස බෙදී යන පරිදි වැලි ලබා දීම ආයතනයේ සාමාන්‍ය ක්‍රමවේදය වන අතර, ඊට අමතරව තදාසන්න ප්‍රදේශවල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැලි අවශ්‍යතාව සැපයීමේ අරමුණින් එම ප්‍රදේශවල -(කොළඹ, ගම්පහ, කෑගල්ල)- වැලි විකුණුම් මධ්‍යස්ථාන පිහිටුවා පාරිභෝගිකයා වෙත අවම මිලට වැලි ලබා දීම හා පාරිභෝගිකයාගේ ඉල්ලීම අනුව ආයතනය මඟින් ඍජුවම ප්‍රවාහනය කර දීමේ සේවාව හරහාද වැලි ලබා දීම සිදු කරන බව ජීඑස්එම්බී ටෙක්නිකල් සර්විසස් පුද්ගලික සමාගම විසින් වාර්තා කර ඇත.

(ආ) පැන නොනඟී.   

පිළිතුරු දුන් දිනය

2021-07-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks