logo

03

E   |     |  

 දිනය: 2011-02-25   පිළිතුර ලබා දී ඇත 

0887/2011: Inamaluwa Reserved Forest

0887/’10 ගරු වසන්ත අලුවිහාරේ මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ) දඹුල්ල නගරයේ හා ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ දෛනිකව එකතු වන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඉනාමළුව වන රක්ෂිතයට බැහැර කරන බව එතුමා දන්නෙහිද?

(ආ) (i) ඒ හේතුවෙන් ඉනාමළුව රක්ෂිතය තුළ විශාල පරිසර හානියක් සිදුවෙමින් පවතින බවත්;

     (ii) එසේ බැහැර කරනු ලබන අපද්‍රව්‍ය සමග ඇති පොලිතීන් හා ප්ලාස්ටික් කැබලි ආහාරයට ගැනීම නිසා එම රක්ෂිතයේ වන ජීවින්ගේ ජීවිතවලට විශාල තර්ජනයක් එල්ලවී ඇති බවත්; එතුමා පිළිගන්නෙහිද?

(ඇ) ඉනාමළුව වන රක්ෂිතයට සිදුවෙමින් පවතින පරිසර හානිය වළක්වා ගැනීමටත්, එහි වන ජීවින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමටත් ගනු ලබන පියවර කවරේද යන්න එතුමා‍ මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-02-25

අසන ලද්දේ

ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks