01

E   |     |  

 දිනය: 2021-03-25   පිළිතුර ලබා දී ඇත 

0073/2021: සුළු අපනයන බෝග වගාව: විස්තර

----

අසන ලද දිනය

2021-03-25

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකාවේ එක් එක් සුළු අපනයන බෝග වගා කර ඇති ඇස්තමේන්තුගත ඉඩම් ප්‍රමාණය සහ වගා කරනු ලබන ගොවීන් සංඛ්‍යාව පහත වගුව මඟින් දක්වා ඇත.

බෝගය

ඇස්තමේන්තුගත වගා වපසරිය (හෙක්ටෙයාර) - 2020

ඇස්තමේන්තුගත ගොවීන් සංඛ්‍යාව

කුරුඳු

                   34,777

250,000

ගම්මිරිස්

                   41,327

350,000

කරාබුනැටි

                     7,981

60,000

එනසාල්

                     1,726

3,500

කෝපි

                     4,598

45,000

කොකෝවා

                     1,855

2,000

සාදික්කා

                     2,866

40,000

බුලත්

                     1,579

30,000

පුවක්

                   12,829

125,000

පැඟිරි

                     1,428

1,025

ඉඟුරු

                     2,390

6,000

කහ

                     1,417

12,600

වැනිලා

                          66

1,300

සේර

                          16

80

ගොරකා

                     2,071

**

සමස්තය

                 116,925

926,505

 

(දත්ත මූලය : ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව)

 

**‍ ගෙවතු මට්ටමේ පවතින වගාවක් බැවින් වගාකරුවන් සංඛ්‍යාත්මකව ලබා ගැනීම අපහසු වේ.

(ii)               

 

භෝගය

වාර්ෂික නිෂ්පාදනය (මෙට්‍රික් ටොන්)

 

2010

2011

2012

2013

2014

2015

2016

2017

2018

2019

කුරුඳු

16,435

18,250

17,165

17,500

17,600

17,707

18,945

22,341

20,398

20,352

ගම්මිරිස්

17,216

10,834

18,604

28,686

18,660

27,233

18,476

29,546

22,551

22,156

කරාබුනැටි

  9,559

  5,533

  4,009

  6,190

  3,225

  5,253

  1,823

  6,413

  3,360

  4,786

කොකෝවා

     500

     525

     513

     515

     500

     457

     650

     471

     413

     547

කෝපි

  3,250

2,974

  3,000

  2,580

  2,674

  2,639

  2,824

  2,496

  2,294

  2,287

එනසාල්

       48

     57

       80

       50

      87

       91

     120

     113

       86

       69

සාදික්කා/ වසාවාසි

  2,350

2,116

2,002

  2,545

  2,960

  2,673

  2,723

  3,545

  4,180

  5,119

බුලත්

30,046

30,645

28,200

24,145

24,123

15,354

15,040

15,549

12,012

14,016

පුවක්

24,361

24,485

23,450

22,279

22,385

12,657

13,260

11,570

14,242

17,741

පැඟිරි

       15

        9

       13

       21

       35

       31

       54

       42

       58

       43

ඉඟුරු

12,052

13,663

14,911

14,075

15,481

17,273

23,184

16,326

14,753

13,785

කහ

  8,304

  9,308

  8,708

11,282

11,351

14,397

25,204

10,267

  9,697

  9,415

වැනිලා

 

 

 

 

 

 

 

 

       24

       17

සේර

 

 

 

 

 

 

 

 

 

         8

ගොරකා

 

 

 

 

 

 

 

 

 

  3,307

(iii)     

 

  • අපනයන කෘෂි භෝග නව වගා ප්‍රවර්ධන වැඩසටහන

           දිවයිනේ අපනයන කෘෂි භෝග වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්කවල එම භෝග වගා කිරීමට සුදුසු ඉඩම්වල නව වගා ඇති කිරීම සඳහා අවශ්‍ය පැළ ගොවීන්ට සියයට 100ක සහන පදනම යටතේ (නොමිලේ) ලබාදෙන අතර, අවශ්‍ය තාක්ෂණික උපදෙස් හා පුහුණුව නොමිලේ ලබාදෙයි. මේ යටතේ වසරකට හෙක්ටෙයාර 1,500ක පමණ නව වගා ඇති කරනු ලැබේ.

 

 

  • අපනයන කෘෂි භෝග වගාවන්හි ඵලදායිතාව නැංවීමේ වැඩසටහන

අඩු අස්වැන්න සහිත අපනයන කෘෂි භෝග ඉඩම්වල ඵලදායිතාව වැඩිදියුණු කිරීම සඳහා පාලු සිටුවීමට අවශ්‍ය පැළ නොමිලේ ලබා දෙන අතර, ශස්‍ය විද්‍යාත්මක ක්‍රියාකාරකම් සඳහා මූල්‍ය සහනාධාරයක්ද ලබා දෙනු ලැබේ. තවද, ජල සම්පාදනය සඳහා ක්ෂුද්‍ර ජල සම්පාදන ඒකක සහන පදනම යටතේ ලබාදෙන අතර, ඵලදායිතාව වැඩි දියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් හා පුහුණුව නොමිලේම ලබා දෙනු ලැබේ.

 

  • පැළ තවාන් සංවර්ධනය

ඉහත සඳහන් වැඩසටහන් සඳහා අවශ්‍ය පැළ, දෙපාර්තමේන්තුව විසින් මෙන්ම 850ක් පමණ වූ පෞද්ගලික පැළ සැපයුම්කරුවන් විසින් නිෂ්පාදනය කරනු ලබයි. මෙමඟින් විශාල පිරිසකට ස්වයං රැකියා මාර්ග සැලසී ඇති අතර, ගුණාත්මයෙන් ඉහළ පැළ ගොවීන්ට ලබා දීම සඳහා මෙමඟින් අවස්ථාව සැලසේ.

  • කාබනික ගම්මාන වැඩසටහන

කාබනික නිෂ්පාදන සඳහා ලෝකය පුරා ඉල්ලුම ඉහළ යමින් පවතින අතර, කාබනික අපනයන කෘෂි භෝග සඳහා ඉල්ලුම ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී. මේ අවශ්‍යතාව සපුරාලීම සඳහා කාබනික ගම්මාන පිහිටුවීමේ ව්‍යාපෘතියක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන අතර, ඒ යටතේ සාමාන්‍ය වගා කාබනික වගා බවට පරිවර්තනය කිරීම සඳහ‍ා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ පුහුණුව ලබා දීම, කාබනික සහතික ලබා ගැනීමට ගොවීන්ට උපකාර කිරීම සහ වෙළෙඳ පොළ අවස්ථා ඇතිකර දීම සිදු කරනු ලැබේ. තවද, සාමාන්‍ය වගා කාබනික වගා බවට හැරවීමේ පරිවර්තන අවධිය සඳහා මූල්‍යමය සහනාධාරයක්ද ගොවීන්හට ලබාදෙනු ලැබේ.

 

  • අපනයන කෘෂි නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම (GAP, GMP සහතිකකරණය)

 

අපනයන කෘෂි නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම ගුණාත්මක තවාන් මෙන්ම අපනයන කෘෂි භෝග අස්වැන්න නෙළීමේ සිට සකස් කිරීම දක්වා අවශ්‍ය නවීන උපකරණ මිලදී ගැනීම සඳහා ගොවීන්ට සහන සලසා ඇත. විශේෂ සැකසුම් මධ්‍යස්ථාන වැඩිදියුණු කොට ජාතික ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදන සකස් කිරීම සඳහා අවශ්‍ය වන "යහපත් නිෂ්පාදන පිළිවෙත්" සම්බන්ධ සහතික ලබා ගැනීමට වැය වන මුදලින් කොටසක් ගොවීන්ට හා නිෂ්පාදකයන්ට ලබා දීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. තවද "යහපත් කෘෂිකාර්මික පිළිවෙත්" (GAP) සහතිකකරණ වැඩසටහනද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට ආරම්භ කොට ඇත.

 

  • දැනුම සහ පුහුණු වැඩසටහන්

 

අපනයන කෘෂි භෝග වගාකරුවන්ට වගාව, වගාවට වැ‍ලඳෙන රෝග පාලනය, නිෂ්පාදන සැකසීම වැනි ක්ෂේත්‍රවලට අවශ්‍ය නවීන දැනුම ලබා දීම සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් විශාල සංඛ්‍යාවක් ක්ෂේත්‍ර නිලධාරින් විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

 

(ආ) (i) ශ්‍රී ලංකාවේ සුළු අපනයන භෝග වගාව මේ වනවිට පහත වැටීමකට ලක්වී නොමැත.

(ii) සුළු අපනයන භෝග වගාව පහත වැටීමක් සිදුවී නොමැති අතර සමස්ත වගා වපසරිය වාර්ෂිකව ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරයි.

 

වර්ෂය

සුළු අපනයන භෝග වගා වපසරිය (හෙක්ටෙයාර)

2016

108,342

2017

109,018

2018

111,120

2019

114,579

2020

116,925

 

 

(මූලාශ්‍රය: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, අපනයන කෘෂි.දෙපා. දත්ත පද්ධතිය)

 

 

 

 

එමෙන්ම සුළු අපනයන භෝගවල අපනයනය සැලකීමේදී, 2019 වර්ෂයට සාපේක්ෂව 2020 වර්ෂයේදී සමස්ත අපනයන පරිමාවේ සහ ආදායමෙහි වැඩිවීමක් පෙන්නුම් කරයි. අපනයන පරිමාවේ වැඩිවීම සියයට 8.4ක් පමණ වන අතර ආදායමෙහි වැඩිවීම සියයට 14.96ක් පමණ වේ.

 

වර්ෂය

සුළු අපනයන භෝග අපනයනය

 

අපනයන පරිමාව (මෙ.ටොන්)

අපනයන ආදායම (රු.මිලියන)

2019

47,981.64

63,495.80

2020

51,986.59

72,991.98

වර්ධනය (%)

8.4%

14.96%

                (මූලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව)

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-04-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks