පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
66/2020 ගරු චමින්ද විජේසිරි මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) 2015 වර්ෂයේ සිට මේ වන තෙක් දුම්රිය ප්‍රවාහනයට එකතු කරන ලද දුම්රිය මැදිරි සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) එම එක් එක් දුම්රිය මැදිරි අතරින් දේශීයව නිෂ්පාදන කරන ලද දුම්රිය මැදිරි සංඛ්‍යාව හා විදේශීය රටවලින් ආනයනය කරන ලද දුම්රිය මැදිරි සංඛ්‍යාව; (ii) ඒ සඳහා වැය කරන ලද මුදල; වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) අප රට තුළ දුම්රිය මැදිරි නිෂ්පාදනය කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න එතුමා තවදුරටත් මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-28
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
1309
(ආ) (i) ඔව්.
දේශීයව අලුත්වැඩියා කරන ලද දුම්රිය මැදිරි සංඛ්‍යාව - 1171
විදේශයන්ගෙන් ආනයනය කරන ලද දුම්රිය මැදිරි සංඛ්‍යාව - 138
(ii) ඔව්.
දේශීයව අලුත්වැඩියා කරන ලද දුම්රිය මැදිරි සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 6,298යි.
ආනයනය කරන ලද දුම්රිය මැදිරි සඳහා වැය වූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 88.1යි.
(ඇ) ඔව්.
දේශීයව දුම්රිය මැදිරි නිෂ්පාදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සංශෝධන කිහිපයක් සඳහා නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට යොමු කර ඇත. අදාළ සංශෝධනවලින් අනතුරුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරනු ඇත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-04-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks