01

E   |   த   |  

 දිනය: 2020-10-09   පිළිතුර ලබා දී ඇත 

0064/2020: පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් කළ වැටලීම්: විස්තර

64/2020 ගරු චමින්ද විජේසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදුකරනු ලැබූ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් සංඛ්‍යාව කොපමණද; (ii) එම වැටලීම් සිදු කිරීම වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ පොලිස් නිලධාරින්ගේ නම් කවරේද; (iii) ඒ වෙනුවෙන් එම එක් එක් පොලිස් නිලධාරියාට ලබා දෙන ලද ත්‍යාග මුදල් වෙන් වෙන් වශයෙන් කවරේද; (iv) ඉහත වැටලීම්වලදී අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත් කිරීම සම්බන්ධයෙන් දැනට චෝදනා ලබා සිටින පොලිස් නිලධාරින් සංඛ්‍යාව කොපමණද; (v) ඔවුන්ගේ නම් කවරේද; (vi) එම පොලිස් නිලධාරින්ට එරෙහිව පැවැත්වෙන විමර්ශනවල ප්‍රගතිය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්,ඒ මන්ද?

අසන ලද දිනය

2020-10-09

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වැටලීම් 1,720කි.

                          අංක (ii) හා (iii) මඟින් කර ඇති විමසීම පරිදි එම වැටලීම් සිදුකිරීම වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ පොලිස් නිලධාරින්ගේ නම් සහ ඒ වෙනුවෙන් එම එක් එක් පොලිස්  නිලධාරියාට ලබා දෙන ලද ත්‍යාග මුදල් වෙන් වෙන් වශයෙන් පහත පරිදි වගුවේ සඳහන් කර ඇත.   

  අනු අංකය

     නිලය

    නිල     අංකය

                  නම

2015.01.01 දින සිට 2020.09.26 දින දක්වා ලබා දෙන ලද ත්‍යාග මුදල        (රුපියල්)

    1

නි.පො.ප.

     -

සංජීව මැදවත්ත

             -

    2

ප්‍ර.පො.ප.

     -

ටී.ඒ.ඩී.ඒ.ටී. සුබෝධ

      1568800.00

    3

පො.ප.

     -

එම්. රංගජීව නෙවමාල්

      2927100.00

    4

පො.ප.

     -

ඩබ්ලිව්.එල්. ජයරත්න

        818150.00

    5

උ.පො.ප.

     -

කේ.කේ. මහින්ද

        718050.00

    6

උ.පො.ප.

     -

ඩබ්ලිව්.උදාර චතුරංග ප්‍රේමසිරි

        388650.00

    7

පො.සැ.

 49446

අබේවික්‍රම (මියගිය)

        566700.00

    8

පො.කො.

 84054

ඩී.එන්. වාකිෂ්ඨ

        557000.00

    9

පො.කො.

 60435

යූ.ඒ.එස්. කුමාර

       1073300.00

   10

පො.කො.

 70731

පී.එච්.එස්. වීරසිංහ

         248950.00

   11

පො.කො.

 67055

ඒ.එල්.සී. කුමාර (විශ්‍රාමික)

         630600.00

(iv) පොලිස් නිලධාරින් 19 දෙනෙකු.

(v) ගරු අධිකරණයේ විභාග වන කරුණක් බැවින් හා එම චූදිත නිලධාරින් සම්බන්ධයෙන් මෙතෙක් අධිකරණ නියෝගයක් නිකුත් කර නොමැති බැවින්, ඔවුන්ගේ නම් සභාගත කිරීම සුදුසු නොවේ.

(vi) (1). පොලිස් නිලධාරින් අතුරින් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර, සෙසු පොලිස් නිලධාරින් 06 දෙනා රැඳවුම් නියෝග මත තබාගනිමින් විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි. මෙම විමර්ශනයට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී. 35602/01/20 යටතේ අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර, අදාළ නඩු 2020.10.12 දින නැවත කැඳවීමට නියමිතව ඇත.

(2)  අත් අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් විසින් මත් ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති රුපියල් 191,627,834.00ක් වටිනා වාහන සහ දේපළ මුදල් විශුද්ධිකරණ පනත යටතේ තහනම් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ අංක 01හි නඩු අංක බී 36128/01/20 යටතේ ගරු අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත.

(3)  එසේම, මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලදී මෙම සැකකරුවන්ගෙන් අනාවරණ  කර ගන්නා ලද තොරතුරු අනුව පහත සඳහන් දෑ අත් අඩංගුවට ගෙන ඇත.

1.  T56 වර්ගයේ ගිනි අවි 02ක් සහ එම මැගසින් 05ක්.

2.  T56 වර්ගයේ ජීව උණ්ඩ 81ක්.

3.  පිස්තෝල 03ක් සහ 9mm වර්ගයේ ජීව උණ්ඩ 40ක්.

4.  හෙරොයින් කිලෝග්රෑම් 11.888 මිලිග්‍රෑම් 256ක්.

5.  ඉලෙක්ට්‍රෝනික තරාදි 02ක්.

6.  මුදල් රුපියල් 34,017,130.00ක්.

7.  රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු 32ක්.

8.  කොකේන් මිලිග්‍රෑම් 380ක්.

(4)   අත් අඩංගුවට ගන්නා ලද පොලිස් නිලධාරින් විසින් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත ලබාදී ඇති සෙසු මත් ද්‍රව්‍ය සහ එම ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි.

(ආ).  පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2020-10-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks