පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
60/2020 ගරු චමින්ද විජේසිරි මහතා,— තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට සැලැස්මක් සකස් කර තිබුණේද; (ii) ඒ සඳහා මහනුවර ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගැනීමට මුදල් වියදම් කර තිබේද; (iii) එසේ නම්, ඒ සඳහා වියදම් කරන ලද මුදල කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) මෙම ඉඩම මිලදී ගැනීමේදී විශාල මූල්‍ය වංචාවක් සිදු කර ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් නිකුත් කර ඇති වාර්තා මගින් පෙන්වා දී තිබෙන බව එතුමා දන්නෙහිද; (ඇ) එසේ නම්, ඒ සම්බන්ධව අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-07
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ හා ක‍්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නයෙන් අහලා තිබෙන හැම කරුණකටම අදාළව මම පැහැදිලි කිරීමක් කරන්නම්. මට ලැබී තිබෙන සවිස්තරාත්මක තොරතුරු සහිත පිළිතුර ඊට පසු සභාගත කරන්නම්.
ගරු කථානායකතුමනි, එතැන ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් හදන්න නියම වෙලා නැහැ. High Performance Centre එකක් හදන්නයි නියම කරලා තිබෙන්නේ. ඒ වාගේම, ඉඩම් මිලදී ගැනීමක් සිද්ධ වෙලාත් නැහැ. බදු පදනම මත ඉඩම බදු ගැනීමක් තමයි සිද්ධ කරලා තිබෙන්නේ. කිසිම මිලදී ගැනීමක් සිද්ධ වෙලා නැහැ. ඒ සඳහා වන බදු වටිනාකම සවිස්තරාත්මක පිළිතුරේ සඳහන් වෙනවා.
ඒ වාගේම, ඉඩම මිලදී ගැනීමේදී මූල්‍ය වංචාවක් වුණා කියලා සඳහන් COPE වාර්තාවක් ඉදිරිපත් වෙලාත් නැහැ.
ඒ අනුව, ඉතිරි ප්‍රශ්න පැන නඟින්නේ නැහැ ගරු කථානායකතුමනි. සවිස්තර තොරතුරු සහිත පිළිතුර මා සභාගත* කරනවා.
* පුස්තකාලයේ තබා ඇත.
* நூல் நிலையத்தில் வைக்கப்பட்டுள்ளது.
* Placed in the Library.
පිළිතුරු දුන් දිනය
2020-12-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks