04

E   |     |  

 දිනය: 2020-10-06   පිළිතුර ලබා දී ඇත 

0059/2020: ශ්‍රී ලංකා ක්‍රිකට්: බඳවාගත් සේවකයන්

59/2020 ගරු චමින්ද විජේසිරි මහතා,— තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) 2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බඳවා ගනු ලැබූ;‍ (i) ස්ථිර; (ii) අනියම්; (iii) ආදේශක; සේවක සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) එසේ බඳවා ගනු ලැබූ සේවකයන්ගේ නම් හා බඳවා ගනු ලැබූ තනතුරු කවරේද; (ii) එම එක් එක් තනතුර සඳහා අනුමත වැටුප් හා දීමනා කවරේද; යන්නත් වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට; (i) සේවකයන් බඳවා ගැනීමේ; (ii) වැටුප් හා දීමනා ගෙවීමේ; පටිපාටිය විධිමත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-10-06

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ හා ක‍්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       (i), (ii), (iii)  2015 සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බඳවා ගනු ලැබූ ස්ථිර හා කොන්ත්‍රාත් සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.

 

2015

2016

2017

2018

2019

2020

කොන්ත්‍රාත්

221

256

201

211

147

138

ස්ථිර

  10

  10

  28

  28

  28

  28

එකතුව

231

266

229

239

175

166

 

(ආ)     (i), (ii) සඳහා  දීර්ඝ පිළිතුරක් ඇමුණුමක් වශයෙන් තිබෙන්නේ.  ඇමුණුම  සභාගත* කරමි.

(ඇ)         (i)         සේවකයන් බඳවා ගැනීමේ පටිපාටිය විධිමත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග

*         රැකියා විස්තරය අනුව පරිපූර්ණ සේවක පැතිකඩ නිර්වචනය කිරීම.

* පහත සඳහන් දෑ සහතික කිරීම සඳහා පූර්ණ ඇගයීම් ක්‍රියාවලියක් සිදු කිරීම.

රැකියා විස්තරය අනුව පරිපූර්ණ සේවක පැතිකඩ නිර්වචනය කිරීම.

අයදුම්කරුගේ සුදුසුකම් තහවුරු කිරීම.

සාක්ෂරතාවය, සංජානන හැකියාව හා මෘදු/ දෘඪ කුසලතා පරීක්ෂා කිරීම.

සන්නිවේදන හැකියාව, චර්යාත්මක හා තාක්ෂණික කුසලතා

සංස්කෘතික යෝග්‍යතාව

* අවශ්‍ය විටදී පූර්ව රැකියා පරීක්ෂණ පැවැත්වීම.

* තනතුරට අදාළ කාර්යශූරත්වය (පූර්වයේ දී කරන ලද රැකියා පිළිබඳ පුළුල් විමසුමක්)

(ii) වැටුප් හා දීමනා ගෙවීමේ පටිපාටිය විධිමත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග‍

* දිරි දීමනා හා කාර්ය සාධනය සඳහා ගෙවීම් වැනි වැටුප් ව්‍යූහ  හඳුන්වා දීම.

* සියලු  සේවකයන් සඳහා වැටුප් සමාලෝචනයක් මඟින් වාර්ෂික කාර්ය සාධන ඇගයීම් අනුගමනය කිරීම.

* සමාගම විසින් සකසා ඇති ප්‍රධාන කාර්ය සාධන දර්ශක මත පදනම්ව එක් එක් සේවකයා අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් ඇගයීමට ලක් කිරීම.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-10-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks