පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
58/2020 ගරු චමින්ද විජේසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) 2019 වර්ෂයේ පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන්; (i) ප්‍රශ්න කිරීම්වලට ලක්වූ රාජ්‍ය ආයතනවල හා ව්‍යවස්ථාපිත ආයතනවල සේවක සංඛ්‍යාව; (ii) අත්අඩංගුවට ගත් රාජ්‍ය ආයතනවල හා ව්‍යවස්ථාපිත ආයතනවල සේවක සංඛ්‍යාව; කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) ඉහත සේවකයන් සේවයේ යෙදී සිටි රාජ්‍ය/ව්‍යවස්ථාපිත ආයතනවල නම්; (ii) ඉහත සේවකයන්ගේ නම්, ලිපිනයන් හා ඔවුන් ඉහත සඳහන් ආයතනවල දරන ලද තනතුරු; (iii) එම සේවකයන්ට එරෙහිව මෙතෙක් ගත් ක්‍රියා මාර්ග; (iv) ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග; කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-06
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 130 කි.
(ii) 10 කි.
(ආ) (i) ගරු අධිකරණයේ විභාග වෙමින් පවතින කරුණක් වන බැවින්, චූදිත නිලධාරින් සේවය කළ රාජ්රාජ් ව්ව් ආයතන පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සුදුසු නොවේ.
(ii) ගරු අධිකරණයේ විභාග වෙමින් පවතින කරුණක් වන බැවින්, චූදිත නිලධාරින්ගේ නම්, ලිපිනයන් හා ඔවුන් සේවය කළ රාජ් ය යවස්ථාපිත යවස්ථාපිත දරන ලද තනතුරු පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සුදුසු නොවේ.
(iii). ඇතැමුන් සම්බන්ධයෙන් ගරු අධිකරණය වෙත කරුණු වාර්තා කර, නීතිපති උපදෙස් පතා උද්ධෘත ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.
(iv) නීතිපති උපදෙස් පතා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති ගොනු සම්බන්ධව නීතිපති උපදෙස් අනුව කටයුතු කරනු ලබන අතර, ගරු අධිකරණයේ විභාග වන නඩු සම්බන්ධයෙන් අධිකරණ නියෝග අනුව කටයුතු කරනු ලැබේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2020-10-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks