01

E   |     |  

 දිනය: 2020-09-23   පිළිතුර ලබා දී ඇත 

0054/2020: බදුල්ල දිස්ත්‍රික්කයේ අබලන් මාර්ග: ප්‍රතිසංස්කරණය

54/2020

ගරු චමින්ද විජේසිරි මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       බදුල්ල දිස්ත්‍රික්කය තුළ, මහාමාර්ග අමාත්‍යාංශයට, ඌව පළාත් සභාවට හා අදාළ පළාත් පාලන ආයතනවලට අයත් මාර්ගවල දුර කිලෝමීටර්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම මාර්ග අතරින් දැනට අබලන් වී ඇති මාර්ගවල නම් කවරේද;

(iii) දැනට අබලන් වී ඇති මාර්ගවල දුර ප්‍රමාණය කිලෝමීටර්වලින් කොපමණද;

(iv) එසේ අබලන්වී ඇති මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරිමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2020-09-23

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       බදුල්ල දිස්ත්‍රික්කය තුළ මහාමාර්ග අමාත්‍යාංශයට අයත් මාර්ගවල දුර කි‍‍‍ලෝමීටර්වලින් වෙන් වෙන් වශයෙන් ඇමුණුම යටතේ දැක්වේ.

 

(ii)  සහ (iii).

මාර්ගය

අබලන් වී ඇති කොටසේ දුර ප්‍රමාණය

AA005 පේරාදෙණිය - බදුල්ල - චෙන්කලාඩි මාර්ගය

කි.මී. 9.00

B105 දියතලාව වෙලන්හින්න - වල්ගහවෙල මාර්ගය

කි.මී. 2.50

B332 නුවර එළිය - උඩුපුස්සැල්ලාව මාර්ගය

කි.මී. 3.36

B236 කොස්ලන්ද - පූනාගල මාර්ගය

කි.මී. 11.55

B471 වැලිමඩ - කර්ක්ලීස් මාර්ගය

කි.මී. 17.55

B043 බණ්ඩාරවෙල - ඌවහයිලන්ඩ් - ඇටම්පිටිය මාර්ගය

කි.මී. 10.25

B097 දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගය

කි.මී. 21.32

B113 ඇල්ල - පස්සර මාර්ගය

කි.මී. 4.50

B360 පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගය

කි.මී. 11.80

එකතුව

කි.මී. 91.83

(iv)           පේරාදෙණිය - බදුල්ල - චෙන්කලාඩි මාර්ගය,  බදුල්ල වෙන්කලාඩි මාර්ග වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් ඉදි කරමින් පවතී. බදුල්ල සිට පස්සර දක්වා කිලෝ මීටර් 20 කොටසේ මේ වන විට ඉදිකිරීම් අවසන් අදියරට පැමිණ ඇත.

                        දියතලාව වෙලන්හින්න - වල්ගහවෙල මාර්ගය,  ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට ඇතුළත් කර ඇත. එහි නඩත්තු කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සිදු කිරීමට කටයුතු කර ඇත.

නුවරඑළිය- උඩුපුස්සැල්ලාව මාර්ගය, චීනයේ එක්සිම් බැංකු ආධාර යටතේ ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය III මඟින් ප්‍රතිසංස්කරණය කරමින් පවතී.

කොස්ලන්ද - පූනාගල මාර්ගය,  ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කරමින් පවතී.

වැලිමඩ - කර්ක්ලීස් මාර්ගය චීනයේ එක්සිම් බැංකු ආධාර යටතේ ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය III මඟින් ප්‍රතිසංස්කරණය කරමින් පවතී.

බණ්ඩාරවෙල - ඌවහයිලන්ඩ් - ඇටම්පිටිය මාර්ගය.   මෙම මාර්ගයේ කිලෝ මීටර් 1 - 10.1 දක්වා කොටස මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ඍජු ශ්‍රමය යටතේ ඉදිකිරීමට තීරණය කර ඇත. කිලෝ මීටර් 11.690 - කිලෝ මීටර් 12.840 කොටස මඟනැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම මඟින් ප්‍රතිසංස්කරණය කරමින් පවතී. එම මාර්ග කොටස් දෙකෙහිම නඩත්තු කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සිදු කරමින් පවතී.

දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගය,  ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කරමින් පවතී. එහි නඩත්තු කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සිදු කරමින් පවතී.

ඇල්ල - පස්සර මාර්ගය, ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කරමින් පවතී. එහි නඩත්තු කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සිදු කරමින් පවතී.

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගය, ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කරමින් පවතී. එහි නඩත්තු කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සිදු කරමින් පවතී.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2020-09-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks