01

E   |     |  

 දිනය: 2020-09-23   පිළිතුර ලබා දී ඇත 

0050/2020: ගුරු පුරප්පාඩු: බදුල්ල දිස්ත්‍රික්කය

50/2020

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති රජයේ පාසල් සඳහා අනුමත ගුරුවරු සංඛ්‍යාව කොපමණද;

             (ii)       එක් එක් විෂයයට අදාළව එම  ගුරුවරු සංඛ්‍යාව  කොපමණද;

           (iii)       දැනට සේවයේ නියුතු ගුරුවරු සංඛ්‍යාව කොපමණද;

(iv) බදුල්ල දිස්ත්‍රික්කය තුළ එක් එක් විෂයයට අදාළව දැනට පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(v) එම ගුරු පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-09-23

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      අනුමත ගුරු සංඛ්‍යාව,

පාසල් වර්ගය

සංඛ්‍යාව

ජාතික පාසල්

1,633

පළාත් පාසල්

10,569

සියලුම පාසල් සඳහා

12,202

(ii)      ජාතික පාසල් - ඇමුණුම 01*හි දක්වා ඇත.

                        පළාත් පාසල් - ඇමුණුම 02*හි දක්වා ඇත.

             (iii)      සේවයේ නියුතු ගුරු සංඛ්‍යාව,

පාසල් වර්ගය

සංඛ්‍යාව

ජාතික පාසල්

1,512

පළාත් පාසල්

10,654

සියලුම පාසල් සඳහා

12,166

 

             (iv)         ගුරු පුරප්පාඩු සංඛ්‍යාව,

පාසල් වර්ගය

සංඛ්‍යාව

ජාතික පාසල්

228

පළාත් පාසල්

117

සියලුම පාසල් සඳහා

345

 

(v)       එක් එක් විෂයට අදාළව දැනට පවතින ගුරු ඌනතාව  ඉදිරි 2020 හා 2021 ගුරු ස්ථාන මාරු මණ්ඩල මඟින් අතිරික්ත පාසල් ද සැලකිල්ලට ගෙන තුලනය කිරීමටත්, තවදුරටත් පවතින ඌනතාවන් ඉදිරි නව බඳවා ගැනීම් මඟින් පූර්ණය කිරීමටත් යෝජිතය.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2020-11-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks