01

E   |     |  

 දිනය: 2021-03-12   පිළිතුර ලබා දී ඇත 

0046/2021: අඩු ආදායම්ලාභි පවුල් සඳහා විදුලිය සැපයීම: සබරගමුව පළාත

----

අසන ලද දිනය

2021-03-12

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

(අ)          (i)       ඔව්.

              (ii)       2016 වර්ෂයේදී ක්‍රියාත්මක "රටම එළියයි - අඳුර දුරලයි" ජාතික විදුලි සත්කාරය වැඩසටහන යටතේ සබරගමුව පළාත තුළ විදුලිය ලබා දී ඇති නිවාස සංඛ්‍යාව ඇමුණුම 1හි දැක්වේ.

ඇමුණුම 1

                 2016 "රටම එළියයි - අඳුර දුරලයි" වැඩසටහන

දිස්ත්‍රික්කය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ප්‍රතිලාභීන් ගණන

රත්නපුර

ගොඩකවෙල

241

 

කොලොන්න

123

 

ඕපනායක

120

 

වැලිගෙපොල

  62

 

ඇඹිලිපිටිය

483

 

අයගම

107

 

රත්නපුර

202

 

ඇහැලියගොඩ

233

 

කිරිඇල්ල

  83

 

කුරුවිට

262

 

ඇලපාත

  42

 

පැල්මඩුල්ල

271

 

කලවාන

 76

 

නිවිතිගල

 94

 

 

දිස්ත්‍රික්කය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ප්‍රතිලාභීන් ගණන

 

කහවත්ත

399

 

බලංගොඩ

229

 

ඉඹුල්පේ

162

 

හල්දුම්මුල්ල

  04

 

තණමල්විල

  25

 

අඟුණකොළපැලැස්ස

  03

 

සෙවනගල

102

     කෑගල්ල

දැරණියගල

112

 

දෙහිඕවිට

  71

 

රුවන්වැල්ල

  95

 

බුලත්කොහුපිටිය

  82

 

යටියන්තොට

  23

 

ගලිගමුව

165

මුළු ප්‍රතිලාභීන් ගණන

3,871

ගරු මන්ත්‍රීතුමා, ඒ වැඩසටහන යටතේ සබරගමුව පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27ක ප්‍රතිලාභීන් 3,871කට  විදුලිය ලබා දී තිබෙනවා. ලංකාවේම පවුල් 239,000කට විදුලිය ලබා දී තිබෙනවා. ඒක ඉතාම හොඳින් ක්‍රියාත්මක වුණු වැඩසටහනක් බව මම කෘතවේදිව සිහිපත් කරන්න ඕනෑ.

2021 මාර්තු මස සිට "දැයට එළිය" වැඩසට‍හන යටතේ විදුලිය ලබා දීමට හඳුනාගෙන ඇති නිවාස සංඛ්‍යාව ඇමුණුම 2හි දැක්වේ.

ඇමුණුම 2

2021 "දැයට එළිය" වැඩසටහන

දිස්ත්‍රික්කය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

විදුලිය නොමැති නිවාස සංඛ්‍යාව

අභ්‍යන්තර තතැඳුම් සම්පූර්ණ කළ නිවාස සංඛ්‍යාව

විදුලිය ලබා දී ඇති නිවාස සංඛ්‍යාව

 රත්නපුර

ඇඹිලිපිටිය

1,400

 223

 223

 

ගොඩකවෙල

533

 

 

 

කොලොන්න

526

 

 

 

වැලිගෙපොල

560

 

 

 

කහවත්ත

480

 433

 416

 

ඕපනායක

259

 

 

 

පැල්මඩුල්ල

672

 

 

 

බලංගොඩ

711

 

 

 

ඉඹුල්පේ

522

 

 

 

රත්නපුර

795

 373

 373

 

අයගම

392

 

 

 

ඇලපාත

358

 

 

 

කලවාන

630

 

 

 

නිවිතිගල

628

 

 

 

ඇහැලියගොඩ

351

 138

 138

 

කිරිඇල්ල

208

 

 

 

කුරුවිට

410

 

 

මුළු ගණන

9,435

1,167

1,150

 

 

දිස්ත්‍රික්කය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

විදුලිය නොමැති නිවාස සංඛ්‍යාව

අභ්‍යන්තර තතැඳුම් සම්පූර්ණ කළ නිවාස සංඛ්‍යාව

විදුලිය ලබා දී ඇති නිවාස සංඛ්‍යාව

 කෑගල්ල

රුවන්වැල්ල

260

  172

  169

 

දැරණියගල

324

 

 

 

දෙහිඕවිට

459

 

 

 

බුලත්කොහුපිටිය

218

 

 

 

යටියන්තොට

470

 

 

 

කෑගල්ල

144

 168

 135

 

වරකාපොල

405

 

 

 

ගලිගමුව

271

 

 

 

අරණායක

256

 

 

 

මාවනැල්ල

204

 84

 74

 

රඹුක්කන

203

 

 

මුළු ගණන

3,214

424

378

මුළු ගණන

12,649

1,591

1,528

 

                        ඒ අනුව දැනට විදුලිය සැපයිය යුතු නිවාස නිවාස 34,380ක් ඉතිරි වෙලා තිබෙනවා. අපි මේ වනවිට එයින් නිවාස 18,695කට විදුලිය ලබා දී තිබෙනවා. ඉතිරි නිවාස සඳහා විදුලිය ලබා දීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතිනවා.

(iii)           •     2016 වර්ෂයේදී ක්‍රියාත්මක වූ "රටම එළියයි - අඳුර දුරලයි" වැඩසටහනේදී ණය පහසුකමක් විවෘතව තිබුණු අතර, ඒ සඳහා ප්‍රතිලාභින් තෝරා ගැනීමේ දී, විශේෂ තෝරා ගැනීමක් කර නොතිබුණි. ඉහත ණය පහසුකම ලබා ගෙන විදුලි සම්බන්ධතාව ඉල්ලීම් කළ පවුල් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මඟින් විදුලි සම්බන්ධතාව ලබා දීමට කටයුතු කර තිබුණි.

ගරු මන්ත්‍රීතුමනි, 2016 වර්ෂයේ, එනම් පළමු වැඩසටහන යටතේ එම පවුල් තෝරා ගැනීමේදී නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කර තිබුණේ නැහැ. විදුලි සම්බන්ධතාව නොමැති අයට රුපියල් 40,000කට නොවැඩි ණය මුදලක් සියයට 7ක පොලියක් යටතේ ලබා ගැනීමට හැකියාවක් තිබුණා, වාරික 72කින් ගෙවන්න. ඒ, 2016 "රටම එළියයි - අඳුර දුරලයි" වැඩසටහනට අදාළව.

• 2021 වර්ෂයේ "දැයට එළිය" වැඩසටහන සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් අඩු ආදායම්ලාභින් (සමෘද්ධිලාභින් හා සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ඇතුළු සියලු කාණ්ඩ) හඳුනාගන්නා ලදී. 

  අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ 2021 "දැයට එළිය" වැඩසටහන යටතේ මූලික වශයෙන්ම අප තෝරා ගනු ලබන්නේ අඩු ආදායම්ලාභීන්, එනම් සමෘද්ධිලාභින් සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින පවුල්. ඒ අයගේ එකතුව තමයි මම ඔබතුමාට කිව්වේ, ගරු මන්ත්‍රීතුමා. එවැනි පවුල් 101,348ක් සිටිනවා. ඒ අතරින් සබරගමුව පළාතේ විදුලිය ලබා දුන් නිවාස සංඛ්‍යාව පිළිබඳව අපි ඔබතුමාට කිව්වා. ඒ අනුව අභ්‍යන්තර තතැඳුම් සම්පූර්ණ කළ නිවාස 1,591කින් නිවාස 1,528කට මේ වනවිට විදුලිය ලබා දී තිබෙනවා.

(ආ)  පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-07-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks