පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-10
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්. රාජ්‍ය අමාත්‍යාංශ ඇතුළුව රාජ්‍ය ආයතන 10ක් එම ගුවන් සේවා පහසුකම් ලබාගෙන තිබෙනවා. ඒ සඳහා රුපියල් 9,061,406.70ක වියදමක් දරන්න සිදුවෙලා තිබෙනවා.
|
අනු අංකය |
රාජ්‍ය ආයතනය |
හිඟ මුදල |
ගුවන් සේවා සැපයූ දිනය |
|
1. |
කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය |
595,570.23 |
2003.01.04 |
|
2. |
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය |
836,165.00 |
2004.03.30 |
|
3. |
මහ නගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය |
542,454.59 |
2005.01.31 |
|
4. |
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය |
720,225.52 |
2005.02.15 |
|
5. |
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය |
75,690.00 |
2013.01.07 |
|
6. |
වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය |
416,002.34 |
2006 |
|
7. |
විදේශ කටයුතු අමාත්‍යාංශය |
1,621,254.34 |
2013.11.10 2014.08.07 |
|
8. |
ජනාධිපති ලේකම් කාර්යාලය |
2,398,099.65 |
2014.12.31 2015.01.02 |
|
9. |
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික සම්බන්ධතා අමාත්‍යාංශය |
1,314,166.12 |
2018.08.15 |
|
10. |
අග්‍රාමාත්‍ය කාර්යාලය |
541,778.91 |
2018.12.20 |
|
|
එකතුව |
9,061,406.70 |
|
(iii) ගුවන් සේවා සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රාජ්‍ය ආයතනවලින් අය වීමට ඇති හිඟ මුදල් අය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පහත ක්‍රියාමාර්ග ගෙන ඇත.
· ගුවන් හමුදාව වෙත අයවිය යුතු හිඟ මුදල් පියවන ලෙස අදාළ අමාත්‍යාංශ / රාජ්‍ය ආයතන වෙත ලිඛිතව දන්වා ඇත.
· අදාළ හිඟ මුදල් පියවන ලෙස ඉල්ලා එම ආයතන වෙත නැවත සිහිකැඳවීම් ලිපි යවා ඇති අතරම, අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරින් හමුවී සාකච්ඡා කර හිඟ මුදල් පියවීමට ඉල්ලීම් කර ඇත.
· මෙම හිඟ මුදල් දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවතීමත්, හිඟ මුදල් නිසි පරිදි අයකර නොගැනීමත් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පරීක්ෂණ අධිකරණයක් 2015 වර්ෂයේ ගුවන් හමුදාව මඟින් පත් කරන ලද අතර, ඒ අනුව අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන මඟින් හිඟ මුදල් අයකර ගැනීමට අවශ්‍ය පියවර තවදුරටත් ගන්නා ලෙසත්, එසේ අයකර ගැනීමට අපහසු හිඟ මුදලක් ඇත්නම් ඒවා පොත්වලින් කපා හැරීමටත් එම පරීක්ෂණ අධිකරණය විසින් නිර්දේශ කර ඇත.
· තවද, ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ සහිතව ඉහත පරීක්ෂණ අධිකරණ වාර්තාව අනුමැතිය සඳහා රාජ්‍ය මුදල් අධ්‍යක්ෂ ජනරාල් වෙත 2018 වර්ෂයේදී ඉදිරිපත් කිරීමෙන් අනතුරුවද අදාළ හිඟ මුදල් අයකර ගැනීම සඳහා තවදුරටත් අවශ්‍ය උත්සාහයන් ගන්නා ලෙසට ගුවන් හමුදාව වෙත උපදෙස් ලබා දී ඇත.
· එසේම, මේ සම්බන්ධයෙන් 2018.06.21 වන දින පැවැති රාජ්‍ය මුදල් කාරක සභාවේ තුන්වන කාර්තුවේ රැස්වීමේදී ගන්නා ලද තීරණයකට අනුව අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් කැඳවා ගුවන් හමුදාව වෙත පියවීමට ඇති හිග මුදල් නිරවුල් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් උපදෙස් ලබා දී ඇත.
· අමාත්‍යාංශවල විෂය පථය වෙනස්වීම, නව අමාත්‍යාංශවල හිඟ මුදල් ගෙවීමට අදාළ මූලික ලේඛන නොමැතිවීම, ප්‍රතිපාදන නොමැතිකම යනාදී විවිධ අපහසුතාවන් හේතුවෙන් අදාළ හිඟ මුදල් ගෙවීමට හැකියාවක් නොමැති බව ඇතැම් අමාත්‍යාංශ විසින් මේ වන විට ගුවන් හමුදාව දැනුවත් කර ඇත.
එබැවින්, මෙවන් තත්ත්වයක් මත අදාළ හිඟ මුදල් අයකර ගැනීමට වෙනත් කිසිදු විකල්පයක් නොමැති බැවින් අයකර ගැනීමට හැකියාවක් නොමැති ආයතනවලින් පවතින හිඟ මුදල් පොත්වලින් කපා හැරීමට අනුමැතිය ඉල්ලා ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-03-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks