04

E   |     |  

 දිනය: 2021-02-24   පිළිතුර ලබා දී ඇත 

0034/2021: මහවැලි අධිකාරිය සතු ඉඩම් ව්‍යාපෘති සඳහා ලබා දීම: ක්‍රමවේදය

34/2020 ගරු හේෂා විතානගේ මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම්, විශාල ව්‍යාපෘති සඳහා ලබා දිමේ ක්‍රමවේදය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) වලව කලාපයේ,චන්ද්‍රිකා වැව කොට්ඨාශයේ ඩෝල් ලංකා (පෞද්ගලික)සමාගම සහ විටා ඕගනික් (පෞද්ගලික) සමාගම වෙත කෙසෙල් වගා කිරිම සඳහා ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) මෙම ඉඩම් නිසි ක්‍රමවේදයක් අනුව ලබා දී නොමැති බව පිළිගන්නේද යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්,ඒ මන්ද?

අසන ලද දිනය

2021-02-24

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් ආයෝජන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීමේදී රජයේ ඉඩම් ආඥා පනත යටතේ ඇති ප්‍රතිපාදන මත පහත සඳහන් ක්‍රම දෙක අනුගමනය කරනු ලැබේ.

                i.      අනුග්‍රාහිකව නොවන (වරණීය නොවන) තෝරා ගැනීම.

               ii.      අනුග්‍රාහිකව (වරණීය) තෝරා ගැනීම.

(ආ)     ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව කලාපයේ චන්ද්‍රිකා වැව කොට්ඨාසයෙන් හෝ වෙනත් කිසිදු කොට්ඨාසයක් තුළ ඩෝල් ලංකා (පෞද්ගලික) සමාගම වෙත කෙසෙල් වගා කිරීමට හෝ වෙනත් ව්‍යාපෘතියක් සඳහා මහවැලි අධිකාරිය මඟින් ඉඩම් බැහැර කිරීමක් සිදු කර නොමැත.

(ඇ) නැත.

රජයේ ඉඩම් ආඥා පනත යටතේ දීර්ඝ කාලීන බදු පදනම මත ආයෝජන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීමේදී අනුගමනය කරනු ලබන (අ) ii යටතේ සඳහන් විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් විටා ඕගනික් (පෞද්ගලික) සමාගම වෙත ඉහත සඳහන් ඉඩම් කොටස් ලබා දී ඇත.

 

පිළිතුරු දුන් දිනය

2021-02-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks