පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-11
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 436යි.
(ii) නාම ලේඛනය ඇමුණුමෙහි දක්වා ඇත.
ඇමුණුම සභාගත* කරමි.
(ආ) (i) සියලු සමාගම් වාණිජ මට්ටමේ ක්‍රියාත්මක වන බැවින් අවශ්‍ය පරිදි යටිතල පහසුකම් පවතී.
ගරු මන්ත්‍රීතුමනි, මෙතැනදී මේ හැම එකක්ම සාපේක්ෂයි. අවුරුදු දහයකට කලින් අපට තිබුණු යටිතල පහසුකම් දෙස අද බැලුවොත්, එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. හැම අවුරුද්දකම අපේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනවා. එක එක වර්ෂවලදී ඒ ඒ එකතු කිරීම් නිසා යටිතල පහසුකම්වල තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්.
(ii) ඔව්.
සමහර තැන්වල ගැටලු තිබෙනවා. අපි ඒ ගැටලු නිරාකරණය කළ යුතුයි. Doing Business Indicator එකේ ඒ ගැටලු ගැන හොඳ විග්‍රහයක් කෙරෙනවා. ලෝක බැංකුව මේ සම්බන්ධයෙන් සියලු රටවල් වර්ගීකරණය කරලා තිබෙනවා. ඔවුන් කණ්ඩායම් 11ක් යටතේ එ් වර්ගීකරණය කරලා, ශ්‍රී ලංකාවත් ඒ යටතට ඇතුළත් කර තිබෙනවා. එහි දත්ත කිහිපයක් මම ඔබතුමාට ඉදිරිපත් කරන්නම්. ව්‍යාපාර කිරීමේ පහසුතාව තමයි එතැනදී බලන්නේ. ව්‍යාපාර කිරීමේ හැකියාව පැත්තෙන් 2014 වසරේ ශ්‍රී ලංකාව හිටියේ දකුණු ආසියාවේ පළමුවැනි ස්ථානයේ. ලෝකයෙන්ම ශ්‍රී ලංකාව සිටියේ 99වැනි ස්ථානයේ. 2019 වෙනකොට ඒ තත්ත්වය ටිකක් වෙනස් වෙලා තිබුණා. ලෝක බැංකුවේ ඒ විග්‍රහය අනුව 2019දී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ 4වැනි තැනට පැමිණ තිබුණා, ලෝකයේ 111වැනි තැනට පත් වෙලා තිබුණා. ඒ විග්‍රහය හරහා අපි දැක්කා, අපේ රට යම්කිසි පිරිහීමකට පත් වෙලා තිබෙන බව. ඉදිරි කාලයේ අපි එම තත්ත්වය වෙනස් කරන්න ඕනෑ. ඒක ඉතා වැදගත්. මොකද, අපි එවැනි වෙනස් කිරීමක් කළේ නැත්නම් අපේ රට තරගකාරිත්වයෙන් අඩු වෙනවා. ඒ තත්ත්වය වෙනස් කරන්න අපි දැන් කටයුතු කරගෙන යනවා.
(ඇ) යටතේ ඔබතුමා අසා තිබෙන්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඊට අදාළ පිළිතුර මම විස්තරාත්මකව ඔබතුමාට ලබා දෙන්නම්.
· ආයෝජන සඳහා පවත්නා නීතිමය බාධා ඉවත් කිරීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර ඇත.
පිළිතුරු දුන් දිනය
2021-02-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks