01

E   |     |  

 දිනය: 2021-02-10   පිළිතුර ලබා දී ඇත 

0029/2021: Senior citizens monthly income scheme

----

අසන ලද දිනය

2021-02-10

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

                          රුපියල්  2,000ක් වන වැඩිහිටි දීමනාවෙන් රුපියල් 100ක මුදලක් අවකරණය කොට වැඩිහිටි සුබසාධනය සඳහා වන වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදලක් ආරම්භ කර ඇත.

             (iii)      වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදල ආරම්භ වූ මුල් අවධියේදී වැඩිහිටියන් මේ සඳහා විරුද්ධ වුවද, අදාළ අරමුදල් මඟින් වැඩිහිටි සුබසාධන වැඩසටහන් බොහොමයක් ඉටු කළ නිසා ඔවුන්ගේ ප්‍රසාදය මේ සඳහා ලැබී ඇත.

(iv) ඔව්.

 

(ආ) (i) 2021.06.25 දිනට සමාජ ආරක්ෂණ අරමුදලෙහි රුපියල් දෙදහස්  හයසිය තිස්හතර මිලියන හයලක්ෂ නවදහස් හැත්තෑපහයි ශත අනූවක (2,634,609,075.90) ශේෂයක් පවතී.

(ii) • අසරණ වූ වැඩිහිටියන් වෙනුවෙන් වැඩිහිටි නිවාස ඉදිකිරීම හා පවත්වාගෙන යෑම.

• වැඩිහිටි දිවා මධ්‍යස්ථාන ඉදිකිරීම හා උපකරණ සඳහා අධාර ලබාදීම.

• ග්‍රාමීය වැඩිහිටි කමිටු සවිබලගැන්වීම් සඳහා ආධාර ලබාදීම.

• අසරණ වූ වැඩිහිටියන් වෙනුවෙන් අවශ්‍ය හදිසි ශල්‍යකර්ම සඳහා මුදල් ආධාර ලබාදීම.

• පිළිකා තත්ත්ව, වකුගඩු රෝග තත්ත්ව  වැනි සුව කිරීමට අපහසු රෝගී වැඩිහිටියන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර සඳහා මුදල් ආධාර ලබාදීම.

• සෞඛ්‍ය ආරක්ෂණ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.

• වැඩිහිටියන් වෙනුවෙන් ස්වයං රැකියා ආධාර ලබාදීම සහ ඒ තුළින් ඔවුන් නිෂ්පාදනය කරන දෑ අළෙවි කිරීමට අවශ්‍ය පහසුකම් සපයාදීම.

• වැඩිහිටියන් වෙනුවෙන් චාරිකා සංවිධානය කිරීම.

• ජාතික සංවර්ධනයේ කොටස්කරුවන් කිරීමට වැඩිහිටියන් සඳහා මෙම අරමුදල් මඟින් සැලසුම් සකස් කර කටයුතු කිරීම.

• වැඩිහිටි නිවාසවල තත්ත්වය උසස් කිරීම (ප්‍රමිතිගතකරණය, උපකරණ ලබාදීම)

• වැඩිහිටියන් සවිබල ගැන්වීම.

• වැඩිහිටියන් සඳහා අක්ෂි කාච හා ශ්‍රවණ උපකරණ ලබාදීම.

(iii) නැත.

 

(ඇ)  වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදල මඟින් වැඩිහිටියන්‍ගේ සුබසාධනය හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් විශාල වූ කාර්ය භාරයක් සිදු වන බැවින් සහ ඒ සඳහා වැඩිහිටි ප්‍රජාවගේ ප්‍රසාදය ඉහළ මට්ටමක පවතින බැවින් රුපියල් 100 බැගින් රඳවා ගැනීම අත්හිටුවීමට පියවර නොගන්නා ලදී. 

 

පිළිතුරු දුන් දිනය

2021-08-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks