පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-09
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2019 වර්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ හඳුනාගත් ඩෙංගු රෝගින් සංඛ්‍යාව 4,060කි.
(ii) එම රෝගින් සංඛ්‍යාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අනුව පහත දැක්වේ.
|
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය |
රෝගින් සංඛ්‍යාව |
|
ඇහැලියගොඩ |
229 |
|
වැලිගෙපොළ |
79 |
|
මහ නගර සභාව රත්නපුර |
99 |
|
කහවත්ත |
72 |
|
කිරිඇල්ල |
97 |
|
ඇලපාත |
182 |
|
අයගම |
127 |
|
ඕපනායක |
106 |
|
කොලොන්න |
103 |
|
ඉඹුල්පෙ |
219 |
|
ප්‍රාදේශීය සභාව රත්නපුර |
323 |
|
පැල්මඩුල්ල |
242 |
|
නිවිතිගල |
324 |
|
කුරුවිට |
481 |
|
කලවාන |
170 |
|
ගොඩකවෙල |
136 |
|
ඇඹිලිපිටිය |
500 |
|
බලංගොඩ |
459 |
|
උඩවලව - උප සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය (Sub - MOH) |
112 |
|
එකතුව |
4060 |
(iii) 1. ජාතික වශයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා සියලු පාර්ශ්ව සමඟ අන්තර් පාර්ශ්වීය සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වසංගත තත්ත්ව පුරෝකථනය කිරීම සහ ඊට අදාළ පියවර ගැනීම සහ මදුරු මර්දන සති ක්‍රියාත්මක කිරීම ආදිය මේ යටතේ සිදු කරනු ලබයි.
2. රෝග වාහක මදුරු මර්දන ක්‍රියාකාරි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
මේකෙන් කරන්නේ රෝගය බෝ කරන මදුරු ඝනත්වය අඩු කරන වැඩසටහන්. විශේෂයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, පරිසර පොලීසිය, ආරක්ෂක අමාත්‍යාංශය හා ස්වේච්ඡා කණ්ඩායම් ඒකාබද්ධව රත්නපුර දිස්ත්‍රික්කයේ අධිඅවදානම් ග්‍රාම නිලධාරි කොට්ඨාස තුළ ගෙවල්වලට ගිහිල්ලා, ඒ ගෙවල් පරීක්ෂා කරලා මදුරුවන් බෝවන තැන් හඳුනාගෙන ඒවා මර්දනය කරන්න අවශ්‍ය ක්‍රියාකාරකම් නියාමනයට අවශ්‍ය තාක්ෂණික සහ සම්පත් දායකත්වය ලබාදීම විශේෂ වශයෙන් මෙහිදී සිදු කරනු ලබයි.
3. රෝගින්ට ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහල් අධි සත්කාර ඒකක ස්ථාපිත කිරීම සහ උපකරණ ලබා දීම.
දිස්ත්‍රික් මට්ටමින් ඩෙංගු රෝගින් හට කාර්යක්ෂමව ප්‍රතිකාර ලබා දීම සඳහා ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන සහ කහවත්ත මූලික රෝහල් සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ සපයා දීම.
වෛද්‍යවරුන් සහ හෙද නිලධාරින් සඳහා අවශ්‍ය සායනික පුහුණුවීම් සම්බන්ධීකරණය කිරීම මෙන්ම මෙම රෝහල්වල රෝහල් අධි සත්කාර ඒකක ස්ථාපිත කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත.
(ආ) පැන නොනඟී
පිළිතුරු දුන් දිනය
2021-02-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks