පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
25/2020
ගරු හේෂා විතානගේ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2010 වර්ෂයේ සිට මේ දක්වා ධාවනයෙන් ඉවත් කරන ලද දුම්රිය මැදිරි සංඛ්‍යාව කොපමණද;
(ii) එම දුම්රිය මැදිරි අතරින් අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කරන ලද දුම්රිය මැදිරි සංඛ්‍යාව කොපමණද;
(iii) එම දුම්රිය මැදිරි අලුත්වැඩියා කරන ලද ආයතනයේ නම කවරේද;
(iv) ඒ සඳහා වැය කරන ලද මුදල කොපමණද;
(v) ධාවනයෙන් ඉවත් කරන ලද සෙසු දුම්රිය මැදිරි යළි ධාවනයට එක් කිරීම සඳහා අමාත්‍යාංශය සතු වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-08
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2,672කි.
(ii) 2,368කි.
(iii) ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු අංශය - දුම්රිය දෙපාර්තමේන්තුව තන්ත්‍රී පුද්ගලික ආයතනය
(iv) දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා - රුපියල් මිලියන 10,915
තන්ත්‍රී පුද්ගලික ආයතනය සඳහා - රුපියල් මිලියන 2,354
(v) ඔව්.
ධාවනයෙන් ඉවත් කරනු ලබන දුම්රිය මැදිරි අලුත්වැඩියා කර යළි ධාවනයට යෙදවීම සහ පුනරුත්ථාපනය කිරීම ප්‍රධාන වශයෙන් රත්මලාන කර්මාන්තශාලාවෙන් ද, එයට පරිබාහිර අලුත්වැඩියා කටයුතු තන්ත්‍රී පුද්ගලික ආයතනයෙන් ද සිදු කෙරේ.
තන්ත්‍රී පුද්ගලික ආයතනය මඟින් ක්‍රියාත්මක මගී මැදිරි 200ක් අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය, තවත් මැදිරි 100ක් දක්වා දීර්ඝ කිරීමට මුදල් අමාත්‍යාංශ අනුමැතිය ලැබී ඇත.
2021-2025 කාල සීමාව තුළ මැදිරි 200ක පුනරුත්ථාපන කටයුතු සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, එහි සංශෝධන කටයුතු සිදු කෙරෙමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-03-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks