04

E   |     |  

 දිනය: 2021-01-06   පිළිතුර ලබා දී ඇත 

0023/2021: ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය: විස්තර

23/2020

ගරු හේෂා විතානගේ මහතා,— ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      2015 වර්ෂයේ සිට මේ දක්වා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අයත් එක් එක් ආයතනවල වාර්ෂික ආදායම සහ වාර්ෂික වියදම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)     2015 වර්ෂයේ සිට මේ දක්වා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට බඳවාගත් සේවකයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම්,  ලිපිනයන්, අධ්‍යාපන සුදුසුකම් සහ  තනතුරු නාම වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) 2015 වර්ෂයේ සිට මේ දක්වා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තුළ —

(i) නිදහස් මාධ්‍ය කලාවක් ඇති කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග;

(ii) චෝදනාවලට ලක්වූවන්ට එරෙහිව ගෙන ඇති පියවර;

කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-01-06

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       2015 වර්ෂයේ සිට මේ දක්වා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අයත් එක් එක් ආයතනවල වාර්ෂික ආදායම සහ වාර්ෂික වියදම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01හි* දක්වා ඇත.

           2010 වසරේ සමස්ත ලාභය රුපියල් මිලියන 495.32යි. 2011 වසරේ සමස්ත ලාභය රුපියල් මිලියන 682යි. 2012 වසරේ සමස්ත ලාභය රුපියල් මිලියන 799යි. 2014 වසරේ සමස්ත ලාභය රුපියල් මිලියන 847.24යි. 2015 වසරේ සමස්ත ලාභය රුපියල් මිලියන 638යි. 2015 වසරේ ලාභය රුපියල් මිලියන 587යි. 2016 වසරේ පාඩුව රුපියල් මිලියන 69යි. 2017 වසරේ පාඩුව රුපියල් මිලියන 287.25යි. 2018 වසරේ පාඩුව රුපියල් මිලියන 622යි. 2019 වසරේ පාඩුව 597යි. 2020 වසරේ පාඩුව රුපියල් මිලියන 347යි.

(ආ) 2015 වර්ෂයේ සිට මේ දක්වා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට බඳවා ගත් සේවක සංඛ්‍යාව, ඔවුන්ගේ නම්, ලිපිනයන්, අධ්‍යාපන සුදුසුකම් හා තනතුරු නාම සම්බන්ධව ඇමුණුම 02හි* දක්වා ඇත. 

(ඇ) (i) නිදහස් මාධ්‍ය කලාවක් ඇති කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග ඇමුණුම 03හි* දක්වා ඇත.

(ii) චෝදනාවලට ලක්වූවන්ට එරෙහිව ගෙන ඇති පියවර ඇමුණුම 04හි* දක්වා ඇත.

(ඈ) අදාළ නොවේ.

ඇමුණුම් 01, 02, 03 සහ 04 සභාගත* කරමි.

 

පිළිතුරු දුන් දිනය

2021-01-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks