බලන්න

04

E   |     |  

 දිනය: 2020-12-08   පිළිතුර ලබා දී ඇත 

0022/2020: අර්බුදයට පත් මූල්‍ය සමාගම්: විස්තර

22/2020 ගරු හේෂා විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) 2020.08.31 දින වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි වී ඇති මූල්‍ය සමාගම් සංඛ්‍යාව කොපමණද; (ii) ඒවායේ නම් හා අධ්‍යක්ෂ මණ්ඩලයන් කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) පසුගිය යහපාලන රජය බලයට පත් වූ දින සිට 2020.08.31 දින දක්වා මූල්‍ය අර්බුදවලට ලක් වූ මූල්‍ය සමාගම් සංඛ්‍යාව සහ ඒවායේ නම් කවරේද; (ii) එම එක් එක් මූල්‍ය සමාගමේ තැන්පතු පවත්වාගෙන ගොස් ඇති තැන්පත්කරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද; (iii) එම මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා මෙතෙක් ගනු ලැබූ සහ ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-12-08

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      බලපත්‍රලාභි මුදල් සමාගම් 41කි.

                        එම සමාගම් 41 පිළිබඳ තොරතුරු ඇතුළත් ඇමුණුම 01 සභාගත* කරනවා.

              (ii)      ඇමුණුමෙහි සඳහන් වෙනවා.

(ආ)         (i)      බලපත්‍රලාභි මුදල් සමාගම් 6කි.

                        අර්බුදයට ලක් වූ මුදල් සමාගම් මම පිළිවෙළින් කියන්නම්‍, ගරු කථානායකතුමනි.

1. සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්

(කලින් සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී)

2. ද ස්ටෑන්ඩර්ට් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්

3. ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ්

4. ද ෆිනෑන්ස් කොම්පැනි පීඑල්සී

5. ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ්

6. ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී

(ආ) (ii) තැන්පත්කරුවන් හා සම්බන්ධ විස්තර

ආයතනයේ නම

තැන්පත්කරුවන් සංඛ්‍යාව

මුළු තැන්පත් වටිනාකම (රු. මිලියන)

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්

20,161

3,965

ද ස්ටෑන්ඩර්ට් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්

6,600

2,721

ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ්

35,184

2,691

ද ෆිනෑන්ස් කොම්පැනි පීඑල්සී

147,152

27,400

ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ්

37,586

22,648

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී

9,623

2,372

එකතුව

256,306

61,797

 

(iii) එක් එක් සමාගම පිළිබඳ තොරතුරු ඇතුළත් ලේඛනයක් ඇමුණුම 02 වශයෙන් මම සභාගත* කරනවා.

 

 

 

 

එහි සියලු තොරතුරු සඳහන් වෙලා තිබෙනවා. ඊට අමතරව 2020 ඔක්තෝබර් 29වැනි දින අපි ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබෙනවාය කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කර දෙනවා.

(ඇ) පැන නොනඟි.

 

 

පිළිතුරු දුන් දිනය

2021-01-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks