04

E   |     |  

 දිනය: 2020-11-20   පිළිතුර ලබා දී ඇත 

0019/2020: අලුත්වැඩියාව සඳහා චීනයට යැවූ රේඩාර් රිසීවරය හා ඇන්ටනා ස්කෑනරය: විස්තර

19/2020 ගරු හේෂා විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) 2014 වර්ෂයේ අප්‍රේල් මාසයේදී, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රේඩාර් රිසීවරයක් හා ඇන්ටනා ස්කෑනරයක් අලුත්වැඩියාව සඳහා චීනයට යවා තිබූ බවත්; (ii) එම භාණ්ඩ අස්ථානගත වී ඇති බවත්;‍‍ එතුමා පිළිගන්නෙහිද? (ආ) (i) එම භාණ්ඩ ප්‍රවාහනය කිරීමට භාරගත් සමාගම කවරේද; (ii) එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කවුරුන්ද; (iii) එම සමාගම තවමත් ශ්‍රී ලංකාවේ කවර හෝ රාජ්‍ය ආයතනයකට සේවා සපයන්නේද; (iv) එම භාණ්ඩ අස්ථාන ගත විමෙන් සිදුවූ අලාභය කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-20

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

(ආ)         (i)      සීමාසහිත කෙයාර් ලොජිස්ටික් පුද්ගලික සමාගම (M/s Care Logistics (Pvt.) Ltd.)

              (ii)      1.     රොමේෂ් ගෙහාන් ඔලිවර් විජේසිංහ

                        2.     ක්‍රිෂාන් ප්‍රියංකර රමේෂ්

                        3.     නිහාල් විජේවීර

                        4.     නලීන් ප්‍රීතිරාජ් වික්‍රම

             (iii)      මෙම අමාත්‍යාංශයට තොරතුරු ඉදිරිපත් කළ නොහැක.

(iv) අදාළ අයිතම ගුවන් යානය මිලදී ගැනීමේදී එයට සවිකර තිබුණු ඒවා වන අතර එම අවස්ථාවේදී  මිල පිරික්සුම් වාර්තාවක් (Budgetary Quotation)  අනුව උපකරණයේ වටිනාකම රුපියල් 74,457,100.00ක් වන නමුත් සැපයුම්කරු වෙත අලුත්වැඩියාවට යවන අවස්ථාවේ මෙම අයිතම අබලි අයිතමයක් ලෙස පැවැති අතර එහි වටිනාකම රුපියල් 29,782,840.00ක් වශයෙන් තක්සේරු කර ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2020-11-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks