බලන්න

04

E   |     |  

 දිනය: 2020-10-20   පිළිතුර ලබා දී ඇත 

0017/2020: දිසා අධිකරණවල පවතින නඩු: විස්තර

17/2020

ගරු හේෂා විතානගේ මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      ශ්‍රී ලංකාවේ දිසා අධිකරණ වෙත යොමු වි ඇති පැමිණිලි අතරින්, මෙතෙක් විභාග නොවූ සහ විභාග වෙමින් පවතින නඩු තිබෙන බව එතුමා දන්නෙහිද?

(ආ)     එසේ නම්, අදාළ නඩු අංක සහ ඒවා පැවරූ දින වෙන් වෙන් වශයෙන්  කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) ඉහත නඩු වලින් —

(i) වසර 01 – 05 අතර;

(ii) වසර  05 – 10 අතර;

(iii) වසර 10 – 15 අතර;

(iv) වසර 15 -20 අතර;

(v) වසර 20 – 25 අතර‍;

(vi) වසර 25කට වඩා වැඩි;

කාලයක් විභාග වන පැරණි නඩු කවරේදැයි අදාළ නඩු අංක හා පැවරූ / ලේඛනගත වූ දින සමඟ වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-10-20

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)     මම පසු ගිය දිනයක උත්තරයක් දෙන අවස්ථාවකදීත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළා. අධිකරණ අමාත්‍යාංශය ඒ තොරතුරු පවත්වාගෙන යන්නේ නැහැ. ඒක කරන්නේ Judicial Service Commission එකෙන්. අපි අධිකරණ සේවා කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් ලියලා, ලිඛිතව තොරතුරු ඉල්ලුවා. ඒ අනුව පහත පිළිතුර ලබා දී තිබෙනවා.

           2019.12.31 වන දිනට දිසා අධිකරණවල විසඳීමට ඇති නඩු සංඛ්‍යාව 231,506ක් වේ. අධිකරණ අමාත්‍යාංශය විසින් අධිකරණවල නඩු සංඛ්‍යාව පිළිබඳ පවතින තොරතුරු රැස් කරන අතර, අදාළ නඩු අංක සහිතව තොරතුරු රැස් කිරීම අධිකරණ‍ සේවා කොමිෂන් සභාවේ විෂය පථයට අයත් වේ. කෙසේ වුවද, ඩිජිටල් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමකින් තොරව කඩිනමින් එම එක් එක් නඩු සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට අධිකරණ සේවා කොමිෂන් සභාවට හැකියාවක් නොමැති බව දන්වා ඇත.

(ඇ) අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය විසින් දිවයින පුරා පිහිටි සියලු දිසා අධිකරණවල පවරා ඇති නඩු අංක හා ඒවා පැවරූ දින කවරේද යන්න නිරූපණය වන පරිදි වෙන් වෙන් වශයෙන් තොරතුරු ඇතුළත් වාර්තා පවත්වාගෙන යෑමක් සිදු නොකරයි.

එවැනි ජාලගත තොරතුරු පද්ධතියක් ඇති කිරීම සඳහා ඩිජිටල් ව්‍යපෘතියක් -සම්පූර්ණ අධිකරණ පද්ධතියටම අදාළ වන පරිදි- ආරම්භ කර ඇත.

එබැවින්, 2019.12.31 දිනට අදාළව කැඳවා ඇති වාර්ෂික වාර්තාවල සඳහන් සංඛ්‍යා ලේඛන දත්ත අනුව, එදින වන විට දිසා අධිකරණවල නොවිසඳී පවතින නඩු සංඛ්‍යාව කාල පරාස අනුව වෙන් කර පහතින් සඳහන් කර  තිබේ.

(i) වසර 01 සිට 05 දක්වා කාලයක් ගත වී ඇති නඩු  49,801 යි. 

(ii) වසර 05 සිට 10 දක්වා කාලයක් ගත වී ඇති නඩු  20,586 යි. 

(iii) වසර 10 සිට 15 දක්වා කාලයක් ගත වී ඇති නඩු  8,947 යි. 

(iv) වසර 15 සිට 20 දක්වා කාලයක් ගත වී ඇති නඩු  3,418 යි.

(v) වසර  20කට වඩා පැරැණි නඩු  4,620 යි.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2020-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks