පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
16/2020
ගරු හේෂා විතානගේ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු, කොන්දොස්තර හා කාර්මික මට්ටමේ (PL කාණ්ඩයේ) නිලධාරින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 3/2016ට අනුව වැටුප් ලබන බවත්;
(ii) එකී PL කාණ්ඩයේ නිලධාරින්ට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 3/2016ට අනුව උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු, කොන්දොස්තර හා කාර්මික මට්ටමේ (PL කාණ්ඩයේ) නිලධාරින් සංඛ්‍යාව සහ විධායක මට්ටමේ නිලධාරින් සංඛ්‍යාව කොපමණද;
(ii) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරින්ට එම උසස්වීම් ලබා දෙන්නේද;
(iii) එසේ නම්, එම උසස්වීම් ලබා දෙන ශ්‍රේණි කවරේද;
(iv) එම උසස්වීම් ලබා දෙන්නේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 3/2016ට අනුවද;
(v) නොඑසේ නම්, කවර ක්‍රමවේදයකට අනුවද;
(vi) දැනට සිටින විධායක නිලධාරින්ට අමතරව, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 3/2016ට අනුව ලබාදෙන උසස්වීම් මගින් එක් ඩිපෝවකට අලුතින් පත්වන විධායක මට්ටමේ නිලධාරින් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-09
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත.
(ii) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු, කොන්දොස්තර හා කාර්මික මට්ටමේ (PL කාණ්ඩයේ) නිලධාරින් හට වැටුප් ගෙවනු ලබන්නේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 3/2016ට අනුව නොවන බවත්, උක්ත නිලධාරින්ගේ වැටුප් ගෙවීම සඳහා අදාළ කරගනු ලබන්නේ කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 30/2006 හා 2/2016 අනුවය. ඔවුන් හට උසස්වීම් ලබා දෙන්නේ උක්ත චක්‍රලේඛ හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බඳවා ගැනීම් හා උසස්වීම් පරිපාටි පදනම් කරගෙනය.
(ආ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2020.06.30 දිනට සේවක සංඛ්‍යා විස්තරය අනුව,
රියදුරු - 9304
කොන්දොස්තර - 9301
කාර්මික - 3993
විධායක - 773
(ii) උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක SCFR/2019 දරණ නඩුව පවතින බැවින් සහ එය අධිකරණයේ විභාගයට භාජන වන බැවින් මෙම අවස්ථාවේදී උසස්වීම් ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇත.
(iii) අදාළ නැත.
(iv) අදාළ නැත.
(v) කාර්ය මණ්ඩල සේවකයන්ගේ වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 2/2016 අනුව සකසා නොමැති අතර, අධිකරණයේ නඩුවක් පවතින බැවින් දැනට උසස්වීම් ලබාදීම සිදුනොකරන අතර, ඒ සඳහා අදාළ කරගත යුත්තේ කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 30/2006 හා 2/2016 සහ බඳවා ගැනීම් හා උසස්කිරීම් පටිපාටියයි.
(vi) අදාළ නැත.
(ඇ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2020-10-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks