පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
13/2020
ගරු හේෂා විතානගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පිරිවෙන් අධ්‍යාපන ආයතන සඳහා ගුරුවරුන් බඳවා ගැනිමේදී සලකා බලනු ලබන මූලික අධ්‍යාපන සුදුසුකම් කවරේද;
(ii) දැනට පිරිවෙන් අධ්‍යාපන ආයතනවල ගුරු පුරප්පාඩු පවතින්නේද;
(iii) එසේ නම්, ගුරු පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
(iv) අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය මගින් පිරිවෙන් අධ්‍යාපනය නංවාලීමට ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-08
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පිරිවෙන් අධ්‍යාපන ආයතන සඳහා ගුරුවරුන් බඳවා ගැනීමේදී සලකා බලනු ලබන සුදුසුකම් පහත පරිදි වේ.
|
අංකය |
සුදුසුකම |
පන්තිය |
ශ්‍රේණිය |
|
1 |
ප්‍රාචීන පණ්ඩිත උපාධිධාරින් |
3 |
I (අ) |
|
2 |
ප්‍රාචීන මධ්‍යම සමතුන් |
3 |
II |
|
3 |
විද්‍යෝදය / විද්‍යාලංකාර අවසන් සමත් |
3 |
I (ඇ) |
මීට අමතරව අංක 1885/38 දරන 2014.10.23 වැනි දින නිකුත් කරන ලද ශ්‍රී ලංකා ගුරු සේවයේ ව්‍යවස්ථා සංග්‍රහයට අනුකූලව ද ගුරුවරුන් බඳවා ගනු ලැබේ. එය පහත සඳහන් පරිදි වේ.
|
අංකය |
සුදුසුකම් |
පන්තිය |
ශ්‍රේණිය |
|
1 |
අධ්‍යාපනවේදී උපාධිධාරින් |
2 |
II |
|
2 |
උපාධිධාරින් |
3 |
I (අ) |
|
3 |
ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් |
3 |
I (ආ) |
|
4 |
ඩිප්ලෝමාධාරින් |
3 |
I (ඇ) |
|
5 |
අ.පො.ස. (උසස් පෙළ) සුදුසුකම් ලැබූවන් |
3 |
II |
(ii) නැත.
(iii) අදාළ නොවේ.
(iv) ඔව්.
පිරිවෙන් අධ්‍යාපන පද්ධතියේ දැනට උද්ගත වී ඇති ගැටලු හා අර්බුද විසඳීම සඳහා පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සහිතව අණ පනත්, චක්‍රලේඛ හා උපදෙස් සංග්‍රහය සංශෝධනය හා සකස් කිරීමට පියවර ගැනීම.
භෞතික හා මානව සම්පත් සංවර්ධනය සඳහා විධිමත් පිරිවෙන් අධ්‍යාපන සංවර්ධන සැලැස්මක් සකස් කර එය ක්‍රියාවට නැංවීම.
පිරිවෙන් අධ්‍යාපනයේ සම්ප්‍රදායයන් හා අනන්‍යතාව සුරැකෙන අයුරින් නූතන ලෝකයේ අභියෝග ජයගත හැකි ආකාරයට විෂය මාලාව හා නිර්දේශ සකස් කර ක්‍රියාත්මක කිරීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-10-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විජිත බේරුගොඩ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks