පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
7/2020
ගරු හේෂා විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා විනාශ කර ඇති පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) එම ස්ථානවල නම් කවරේද;
(iii) එම පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීමට හේතු කවරේද;
(iv) අදාළ පුරාවිද්‍යා ස්ථාන විනාශ කළ පුද්ගලයන් හඳුනාගෙන තිබේද;
(v) ඔවුන්ට ලබාදුන් දඬුවම් කවරේද;
(vi) විනාශ කර ඇති, එහෙත් ඊට වගකිව යුතු පුද්ගලයන් හඳුනා නොගත් පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව කොපමණද;
(vii) රටක ඓතිහාසික අභිමානය සුරකින පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීමට එරෙහිව ඉදිරියේදී ගැනීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-24
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 164
(ii) ඇමුණුම i* මඟින් ඉදිරිපත් කර ඇත.
(iii) මූල්‍යමය වටිනාකමක් ඇති දෑ මිහිදන් කර ඇතැයි සිතා ඒවා ලබාගැනීමේ අරමුණින් විනාශ කර ඇත.
(iv) ඔව්.
(v) ඇමුණුම ii* මඟින් ඉදිරිපත් කර ඇත.
(vi) 94යි.
(vii) · පුරාවිද්‍යා විනාශය වැළැක්වීම සඳහා නිදන් වස්තු පිළිබඳව මහජනතාව තුළ පවතින නිදන් වස්තු මිථ්‍යාව දුරු කරලීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ඒ සඳහා පූජ්‍ය පක්ෂ, පාසල් සිසුන්, ආරක්ෂක අංශ නිලධාරින් හා රාජ්‍ය නිලධාරින්හට වැඩමුළු, සම්මන්ත්‍රණ හා වාර්තා චිත්‍රපට සංවිධානය කිරීමට නියමිතය.
· පුරාවස්තු විනාශ කරන්නන්ට එරෙහිව දැඩි දඬුවම් පැනවීමට, පුරාවස්තු ආඥා පනතේ පුරාවස්තු විනාශය සම්බන්ධයෙන් වන විධිවිධාන සඳහා සංශෝධන ඉදිරිපත් කිරීම.
· පුරාවස්තු ආරක්ෂා කිරීමේ බලතල සංශෝධනය කර ග්‍රාම නිලධාරින්හට එකී බලතල පැවරීමට ඉදිරියේදී කටයුතු සම්පාදනය කිරීම.
· දැනට නැඟෙනහිර පළාතේ ආරම්භ කර ඇති නැඟෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ ආරක්ෂක අංශ සමඟ ඒකාබද්ධව සිදු කරන පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම, හඳුනාගැනීම, සංරක්ෂණය හා නඩත්තු ක්‍රියාදාමයන් රට පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම.
(ආ) පැන නොනඟී.
|
————————— * පුස්තකාලයේ තබා ඇත. * நூல் நிலையத்தில் வைக்கப்பட்டுள்ளது. * Placed in the Library. |
පිළිතුරු දුන් දිනය
2020-11-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks