01

E   |     |  

 දිනය: 2020-09-23   පිළිතුර ලබා දී ඇත 

0006/2020: දහම් පාසල් ගුරුවරු: සුබසාධන වැඩසටහන්

6/2020

ගරු හේෂා විතානගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ලියාපදිංචි කර ඇති දහම් පාසල් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එකී දහම් පාසල්හි උගන්වන ගුරුවරුන් සඳහා රජය විසින් ලබා දෙනු ලබන  ප්‍රතිලාභ කවරේද; 

           (iii)       එම දහම් පාසල් ගුරුවරුන් සේවය කරන්නේ ස්වෙච්ඡා පදනම මතද;

(iv) එසේ නම්, දහම් පාසල් ගුරුවරුන්ගේ සුභසාධනය වෙනුවෙන් සැලසුම් කර ඇති වැඩසටහන් කවරේද;  

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-09-23

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      දහම් පාසල් 11,034කි.

              (ii)      ලිත් වර්ෂයකට එක් වරක්, එක් ගුරු භවතෙකුට රුපියල් 5,000  බැගින් දහම් පාසල් ගුරු දීමනාව ලබා දීම.

                        වාර්ෂිකව දහම් පාසල් ගුරු නිල ඇඳුම් ප්‍රදානය කිරීම.

                        දහම් පාසල් ගුරු පුහුණු වැඩමුළු පැවැත්වීම.

                        සාමදාන විනිශ්චයකාර පදවි පිරිනැමීම.

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක්ව දහම් සරසවිය බුද්ධ ධර්ම ඩිප්ලෝමා වැඩසටහන තුළින් ඩිප්ලෝමා ලබා දීම.

පාලි භාෂා ප්‍රවර්ධන පුහුණු වැඩසටහන පැවැත්වීම.

වසර 50ක දහම් පාසල් සේවා කාලය සම්පූර්ණ වූ ගුරු භවතුන් සඳහා වෛද්‍ය ආධාර ලබා දීම.

(iii) ඔව්.

(iv) ඔව්.

දහම් පාසල් ගුරු භවතුන් සඳහා දහම් පාසලට ඉරිදා දින පැමිණීම සඳහා නිදහස් දුම්රිය හා බස්රථ ප්‍රවේශ පත්‍ර ලබා දීම.

දහම් පාසල් ගුරු භවතුන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් සැලසුම් කර තිබීම.

ඔවුන්ගේ සේවා කාලය ඇගැයීම සඳහා ගුරු උපහාර වැඩසටහන් පැවැත්වීම.

මාසිකව රුපියල් 2,000 ක ගමන් වියදම් දීමනාවක් ලබාදීමට යෝජනා කර තිබීම.

දේශීය වන්දනා චාරිකා සැලසුම් කිරීම.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2020-09-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විජිත බේරුගොඩ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks