04

E   |     |  

 දිනය: 2020-02-18   පිළිතුර ලබා දී ඇත 

0127/2020: Industrial Development Board

127/2020

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)     ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට අයත්,

              (i)      කාර්මික ජනපද සංඛ්‍යාව;

             (ii)      බිම් ඒකක සංඛ්‍යාව;

           (iii)      කාර්මික ජනපදවල ක්‍රියාත්මක වන කර්මාන්තශාලා සංඛ්‍යාව;

            (iv)      කාර්මික ජනපදවල සේවා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව;

වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) 2017 වර්ෂයේදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් මධ්‍යම පළාත වෙනුවෙන්,

(i) ස්වයං රැකියා ප්‍රවර්ධනය උදෙසා සිදුකළ වැඩසටහන්;

(ii) එම වැඩසටහන් පැවැත් වූ ස්ථාන;

(iii) ලබා දී ඇති උපකරණ;

(iv) ප්‍රතිලාභීන් තෝරාගත් පදනම;

(v) සිදුකරනු ලැබූ තාක්ෂණික පුහුණු වැඩසටහන්;

කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) වර්තමානය වනවිට අන්තර්ජාලය ඔස්සේ විද්‍යුත් ව්‍යාපාර සිදුකිරීමේ හැකියාව ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන පුද්ගලයන් සඳහා ද විවෘතව පවතින නමුත්, ඒ සඳහා අවශ්‍ය දැනුම ප්‍රමාණවත් පරිදි ලබා දී නොමැති බව පිළිගන්නේද;

(ii) මෙම දැනුම විධිමත්ව ලබාදීමට කටයුතු කරන්නේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-02-18

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks