02

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0122/2020: scholarships to local and foreign students via President's Fund

122/2020

ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමා,—

(අ)         (i)      දේශීය හා විදේශීය අධ්‍යාපන කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයන්ට ජනාධිපති අරමුදල මඟින් පූර්ණ හෝ අර්ධ ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩපිළිවෙළක් තිබේද;

(ii) එසේ නම්, එම වැඩපිළිවෙළ අනුව ඒ සඳහා සුදුස්සන් තෝරා ගනු ලබන පදනම හා ක්‍රමවේදය කවරේද;

(iii) අ.පො.ස. (උසස් පෙළ) ඉහළම ලකුණු ලබාගන්නා ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව ලබාදීමේ ක්‍රමවේදයක් තිබේද;

(iv) පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා උපාධිධාරින්ට ශිෂ්‍යත්ව ලබාදීමේ ක්‍රමවේදයක් තිබේද;

(v) ඉහත (iii) සහ (iv) හැර වෙනත් දේශීය හෝ විදේශීය ශිෂ්‍යත්ව ලබාදීමේ ක්‍රමවේදයක් තිබේද;

(vi) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;

(vii) වර්ෂ 2005 සිට 2017 දක්වා ඉහත (iii) සහ (iv) හි සඳහන් ක්‍රමවේදවලට පරිබාහිරව, දේශීය හෝ විදේශීය ශිෂ්‍යත්ව ලබාගත් පුද්ගලයන්ගේ නම්, මුදල, ආයතන හා විදේශ රටක් නම්, එම රටෙහි නම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-02-18

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks