පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
121/2020
ගරු බිමල් රත්නායක මහතා,— කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යතුමිගෙන් ඇසීමට,—
(අ) (i) අවුරුදු 70ට වැඩි පුරවැසියන්ට ගෙවනු ලබන වැඩිහිටි දීමනාව අයදුම් කළ විශාල පිරිසකට මේ වනතෙක් එම දීමනා ලැබී නොමැති බවත්;
(ii) මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් විමසන විට දැනට දීමනාව ලබන පුද්ගලයන්ගෙන් ඇතිවන පුරප්පාඩු සංඛ්‍යාව අනුව ඉතිරි අයට ගෙවීම් කිරීමට කටයුතු කරන බව පවසන බවත්;
එතුමිය දන්නෙහිද?
(ආ) (i) වර්තමාන විෂය භාර අමාත්‍යවරිය අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු වැඩිහිටි දීමනාව ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(ii) දැනට අයදුම්කර ඇති එහෙත්, මෙතෙක් එම දීමනාව ලැබී නොමැති වැඩිහිටියන්ට එම දීමනාව ලබාදීමට කටයුතු කරන්නේද;
(iii) එසේ නම්, ඒ කවර දිනයක සිටද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-02-18
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks