01

E   |     |  

 දිනය: 2020-02-07   පිළිතුර ලබා දී ඇත 

0107/2020: Meethotamulla tragedy 2017 dead/disabled and compensations paid

107/2020

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      2017 වර්ෂයේදී මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන්;

              (i)      මියගිය සංඛ්‍යාව;    

             (ii)      ආබාධිත වූ සංඛ්‍යාව;

(iii) විපතට පත්වූවන්ට රජය විසින් ගෙවූ මුළු වන්දි මුදල;

(iv) මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ගෙවූ වන්දි මුදල;

(v) හානියට පත් නිවාස වෙනුවෙන් ගෙවූ උපරිම සහ අවම වන්දි මුදල;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) අවතැන් වූ සියලු දෙනාට ස්ථිර නිවාස ලබා දී  තිබේද;

(ii) අවතැන් වූ පවුලකට ස්ථිර නිවාසයක් ලබා දුන් ආසන්නතම දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-02-07

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks