බලන්න

04

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0076/2020: Reinstating approval given to filling 10 perches of paddy lands each for building houses

76/2020

ගරු හේෂා විතානගේ  මහතා,— මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ගොඩ ඉඩම් නොමැති පුද්ගලයන්ට තම කුඹුරු ඉඩමෙන් පර්චස් 10ක කොටසක් ගොඩකර නිවසක් ඉදිකර ගැනීමට අවසර ලබාදීම දීර්ඝ කාලයක සිට පැවති බව දන්නේද;

(ii) දැනට ගොඩ ඉඩම් අහිමි පුද්ගලයන්ට තම කුඹුරු ඉඩමෙන් පර්චස් 10 ක පමණ කොටසක් ගොඩකර නිවසක් ඉදිකිරීම සඳහා ලබා දී තිබූ අවස්ථා අහිමි කර ඇති බව පිළිගන්නේද;

(iii) එම නිසා දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉඩම් නොමැති විශාල පිරිසක් අසරණ තත්ත්වයකට පත්ව සිටින බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කුඹුරු ඉඩමෙන් පර්චස් 10ක ප්‍රමාණයක් ගොඩකර ගැනීම සඳහා මේ වනවිට  ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයදුම් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

(ii) මෙම පුද්ගලයන්ට ඉතා කඩිනමින් එම පර්චස් 10ක කුඹුරු ඉඩම් ගොඩකර ගැනීමට අවස්ථා සලසා දෙන්නේද;

(iii) එසේ නම්, ඒ කවර දිනයක සිටද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-01-24

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks