01

E   |   த   |  

 දිනය: 2020-02-18   පිළිතුර ලබා දී ඇත 

0056/2020: Sports Associations

56/2020

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම ක්‍රීඩා සංගම්වල නම් කවරේද;

           (iii)      එම ක්‍රීඩා සංගම් අතරින් දැනට වාර්ෂික ගිණුම් ඉදිරිපත්කර ඇති සහ ඉදිරිපත් කර නොමැති සංගම් කවරේද;

(iv) මේ වනවිට වාර්ෂික නිලවරණ පවත්වා ඇති සහ පවත්වා නොමැති සංගම් කවරේද;

 

 

(v) වාර්ෂික නිලවරණ පවත්වා නොමැති සංගම්වල නිලවරණ පැවැත්වීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-02-18

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා හා තරුණ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks