පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
55/2020
ගරු චමින්ද විජේසිරි මහතා,— රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඌව පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග කිලෝමීටර් ප්රමාණය, එක් එක් දිස්ත්රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ශ්රේණිගත කිරීම්වලට අනුව එම ප්රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) වර්ෂ 2013 සිට 2017 දක්වා කාපට් අතුරන ලද ඌව පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල දිස්ත්රික්කයේ මාර්ග කිලෝමීටර් ප්රමාණය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ඌව පළාත් සභාවට අයත් මාර්ග සංවර්ධනය කිරීමට හා නඩත්තු කිරීමට මූල්ය ප්රතිපාදන සපයනු ලබන ප්රභවයන් කවරේද;
(v) වර්ෂ 2013 සිට 2016 දක්වා ඉහත (iv) හි සඳහන් ප්රභවයන් යටතේ බදුල්ල දිස්ත්රික්කයේ පළාත් මාර්ග සංවර්ධනය කිරීම සඳහා වැයකරනු ලැබූ මුදල් ප්රමාණය, එක් එක් වර්ෂය සහ ප්රභවය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-02-07
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්යාංශය
රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks