01

E   |   த   |  

 පිළිතුර ලබා දීමට ඇත 

0053/2020: Foreign Trips by members and executive officers of Uva PC 2015

53/2020

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      ඌව පළාත් සභාවේ මහජන නියෝජිතයන් හා මාණ්ඩලික නිලධාරින් සිදු කළ විදේශ අධ්‍යයන චාරිකා සම්බන්ධයෙන් 2015 වර්ෂයේදී විගණන                  විමසුමක් ඉදිරිපත් වී ඇති බව එතුමා දන්නෙහිද?

 

(ආ)     එසේ නම්, එම විගණන විමසුමට අනුව,

(i) මහජන නියෝජිතයන් සහභාගි වී ඇති පාඨමාලා කවරේද;

(ii) සහභාගි වී ඇති මහජන නියෝජිතයන් හා නිලධාරින්ගේ නම් කවරේද;

(iii) වැය කර ඇති මුදල කොපමණද;

(iv) නිලධාරින් තෝරා ගැනීමේදී අනුගමනය කර ඇති ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-02-06

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks