01

E   |     |  

 දිනය: 2020-01-23   පිළිතුර ලබා දී ඇත 

0046/2020: Irrigation projects under Central Government and the PC in Badulla District

46/2020

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති මධ්‍යම රජයට හා පළාත් සභාවට අයත් වාරිමාර්ග ක්‍රම වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)       මධ්‍යම රජයට අයත් වාරිමාර්ග ක්‍රම මඟින් අස්වද්දන කුඹුරු ප්‍රමාණය, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) පළාත් සභාවට අයත් වාරිමාර්ග ක්‍රම මඟින් අස්වද්දන කුඹුරු ප්‍රමාණය, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) 2010 වර්ෂයේ සිට මේ දක්වා මධ්‍යම රජය හා පළාත් සභාව, බදුල්ල දිස්ත්‍රික්කයේ වාරිමාර්ග නඩත්තුවට හා ප්‍රතිසංස්කරණයට වැය කළ මුදල් ප්‍රමාණය, වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-01-23

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks