04

E   |     |  

 දිනය: 2020-01-24   පිළිතුර ලබා දී ඇත 

0008/2020: Tabs for University Students

8/2020

ගරු බුද්ධික පතිරණ මහතා,— උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      විශ්වවිද්‍යාල සිසුන්ට හා ආචාර්යවරුන්ට Tab පරිගණක ලබා දීමට රජය සැලසුම් කර තිබේද;

             (ii)      එසේ නම්, ඒ සඳහා වෙන් කළ මුදල කොපමණද;

           (iii)      මේ සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කර තිබේද;

  (iv) එසේ නම්, ටෙන්ඩර් ඉදිරිපත් කළ ආයතන කවරේද;

(v) ඒ අතරින් ‍තෝරාගත් ආයතනයේ නම කවරේද;

(vi) ටෙන්ඩර් කැඳවීමේ දී ඉදිරිපත් කරන ලද පිරිවිතර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) අ (i) හි සඳහන් පිරිසට Tab පරිගණක ලබා දීම සඳහා මිල දී ගැනීම් සිදු කර ති‍‍බේද;

(ii) එසේ නම්, ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට සහ ආචාර්යවරුන්ට Tab පරිගණක ලබා දීමට බලාපොරොත්තු වන දිනය කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-01-24

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks