පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
6/2020
ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සමාජ අසමානතාවය හා සම්පත් බෙදී යාම සාධාරණව සිදු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් දරිද්‍රතාවය තුරන් කිරීමට අපහසු වී ඇති බවත්;
(ii) දැනට ක්‍රියාත්මක විෂයානුබද්ධ අධ්‍යාපන ක්‍රමය තුළින් කුසලතා වර්ධනය නොවීමෙන් කාලීන සමාජයට ගැලපෙන වෘත්තිකයන් බිහි නොවන බවත්;
(iii) නෛතික යන්ත්‍රණයේද යුක්තිය පසිඳලීමේ ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රමවත්ව සිදු නොවන බවත්;
(iv) උක්ත සියලු කරුණු රටේ තරුණ ප්‍රජාවට ඍජුවම බලපාන බවත්;
(v) තරුණයන් සමාජ විරෝධී කටයුතු කෙරෙහි යොමු වීමට මෙම අසහනකාරී මානසිකත්වය බලපාන බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) පාසල් අධ්‍යාපනය අතරමග නවතන තරුණ ප්‍රජාව වෘත්තීය පුහුණු හෝ වෙනත් විධිමත් ජීවනෝපාය මාර්ග වෙත යොමු කිරීමට රජය ක්‍රියාමාර්ග ගෙන තිබේද;
(ii) එසේ නම්, එම ක්‍රියාමාර්ග කවරේද;
(iii) පාසල් අධ්‍යාපනය රැකියා වෙළෙඳපොළට ගැළපෙන ලෙස සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබේද;
(iv) එසේ නම්, එම යෝජනා කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-01-23
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks