පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5/2020
ගරු බුද්ධික පතිරණ මහතා,— මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහනුවර නගර සභා බලප්‍රදේශය තුළ ඇති වැලිකන්ද ග්‍රාමය නාය යෑමේ දැඩි අවදානම් ප්‍රදේශයක් ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නම් කර ඇති බවත්;
(ii) වැලිකන්ද ග්‍රාමයේ වැසියන්ට මහනුවර, හන්තාන, ගලහ වත්තේ ඉඩම් හා නිවාස ඉදිකිරීමට ණය මුදල් ද ලබා දී ඇති බවත්;
(iii) මෙම ප්‍රදේශයේ විශාල යන්ත්‍රෝපකරණ යොදාගෙන පැරණි පඩිපෙළ වෙනුවට පාරක් කපන බවත්;
(iv) මෙම පස් කැපීමට නිසි අවසරයක් ලබාගෙන නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම මාර්ගය කැපීම නතර කිරීමට පියවර ගන්නේද;
(ii) එසේ නම්, ඒ කවර ආකාරයෙන්ද;
(iii) මෙම නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නේද;
(iv) එසේ නම්, ඒ කවර ආකාරයෙන්ද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-01-23
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks