04

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0002/2020: Developing Galle International Stadium

2/2020

ගරු බුද්ධික පතිරණ මහතා,— ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාර අබලන් තත්ත්වයේ පවතින බවත්;

             (ii)      නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී ජාත්‍යන්තර තරඟ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 2016,  2017 හා 2018 යන වර්ෂයන්හිදී පැවැත්වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංඛ්‍යාව;

(ii) එම තරඟවලින් ලැබුණු ආදායම;

(iii) උක්ත වර්ෂ තුළ ක්‍රීඩාංගණයේ කටයුතු සඳහා වෙන් කළ මුදල;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) මෙම ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන තිබේද;

(ii) එසේ නම්, එම පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-01-21

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා හා තරුණ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks