බලන්න

04

E   |     |  

 දිනය: 2010-12-04   පිළිතුර ලබා දී ඇත 

0827/2010: Base Hospital - Chilaw

0827/’10 5. ගරු වික්ටර් ඇන්ටනි මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) හලාවත මූලික රෝහල මහ රෝහලක් බවට පත් කර මධ්‍යම ර‍ජයට පවරා ගැනීමේ වැඩකටයුතු අවසන් වී තිබේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ආ) (i) හලාවත මූලික රෝහලේ එක්ස් - කිරණ යන්ත්‍රය ක්‍රියා විරහිතව නැවත අලුත්වැඩියා කළ නොහැකි තත්වයක පවතින බවත්; (ii) එම එක්ස් - කිරණ යන්ත්‍රය ක්‍රියා විරහිතවීම නිසා රෝගීන් විශාල පිරිසක් හලාවත රෝහලේ සිට මාරවිල රෝහල දක්වා දිනපතා රැගෙන යාමට සිදු වී ඇති බවත්; (iii) ඒ සඳහා සේවකයින් යෙදීමේදී අඩුපාඩු සිදුවන බවත්; එතුමා දන්නෙහිද? (ඇ) (i) මෙම තත්ත්වය නිසා රෝගීන් දැඩි අපහසුතාවයකට පත්වන බවත්; (ii) ඒ සඳහා විශාල අමතර මුදලක් වැය කිරීමට සිදුවන බවත්; එතුමා පිළිගන්නෙහිද? (ඈ) එසේ නම්, ක්‍රියා විරහිතවූ යන්ත්‍රය වෙනුවට නව එක්ස් - කිරණ යන්ත්‍රයක් හලාවත මූලික රෝහලට කඩිනමින් ලබාදීමට පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2010-12-04

අසන ලද්දේ

ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks