01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1023/2019: Irregular payments made from Reward fund of Excise Officers

1023/’19

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      පසුගිය වර්ෂ 5 තුළ,

              (i)      සුරාබදු පනතේ 58 “අ” වගන්තිය යටතේ සුරාබදු නිලධාරින්ට ත්‍යාග ප්‍රදානය සඳහා වූ අරමුදලෙන් 818 නිවේදනය උල්ලංඝනය කරමින් මූල්‍ය අක්‍රමිකතාවයන් සිදු කිරීමට අනුමතිය දී ඇත්තේ කවුරුන්ද;

‍ (ii) එම නිවේදනයට අනුව ආදායම් එකතු කරන නිල ඇඳුම් අඳින කාර්ය මණ්ඩලයේ 1200කට සහ ආදායම් එකතු නොකරන නිල ඇඳුම් නොඅඳින නිලධාරින් 150කට වාර්ෂිකව ගෙවූ මුදල සහ එය අරමුදලේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;

(iii) එම නිවේදනයේ (vi) යටතේ දක්වා ඇති විශේෂ ‍කොන්දේසිවල සීමාවට ළඟා නොවූ නිල ඇඳුම් අඳින නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

 යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) 5.2 වගන්තිය කඩකරමින්, පසුගිය වර්ෂ 5 තුළ නීත්‍යානුකූළ නොවන ගෙවීම් සිදු කිරීම‍ට අනුමතිය දී ඇත්තේ කවුරුන්ද;

 

 

(ii) 7.2 - iiහි හිමිකම් කිවහැකි කාර්ය මණ්ඩලයට පසුගිය වර්ෂ 5 තුළ කොපමණ ප්‍රමාණයක් ඉක්මවා ගෙවීම් සිදුකර තිබේද;  එය සමස්ත තෑගි අරමුදල් ආදායමෙන් කවර ප්‍රතිශතයක්ද;

(iii) 7.2 - iiහි ශ්‍රේණිවලට, හිමි කොටසට අදාළ මුදල ගෙවා ඉතිරිය 5.2 යටතේ නීත්‍යානුකූල නොවන බැර කිරීම් සිදුකර තිබේද;

(iv) ඉහත නීති විරෝධී අසමතුලිත මුදල් ගෙවීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-09-05

අසන ලද්දේ

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks